සංඛ්‍යාංක බහු මානය
 

1-6 සංඛ්‍යාංක බහු මානය



සංඛ්‍යාංක බහු මානයක් 1:9 චිත‍්‍රයේ දැක්වේ. මනිනු ලබන අගයන් කෙළින්ම සංඛ්‍යාවලින් තිරය මත දිස්වේ. ශ‍්‍රිත තෝරණය සහ පරාස තෝරණය වශයනේ ප‍්‍රධාන තෝරන දෙකක් වේ. අවශ්‍ය ශ‍්‍රිතය (ඇමපියර් , වෝල්ටි හෝ ඕම් වශයෙන්) තේරිමෙන් පසු, වැඩි පරාසයේ සිට අඩු පරාසය දක්්වා පරාසය තෝරාගත යුතුය. මනිනු ලබන අගය සංඛ්‍යා මඟින් තිරයෙහි කියවිය හැක.

























පිරික්සුම් සහ විමසුම්



1. ප‍්‍රතිසම බහු මානයක් ගෙන එහි මිලි ඇම්පියර් පරිමාණය, වෝලටි පරිමාණය සහ ඕම් පරිමාණය හොඳින් පරික්ෂා කරන්න. ඉහත එක එක පරිමාණයන් පරාස කියකට බෙදා තිබේදැයි විමසන්න.



2. බහු පරිමණයේ උපදෙස් පත‍්‍රීකාව /පොත ගෙන ප‍්‍රවේශමෙන් අධ්‍යයනය කරන්න. බහු මානය ක‍්‍රියා කරන පිළිවෙළ ඉගෙන ගන්න.



3. වෝල්ටියතා සහ මිලි ඇම්පියර පරිමාණවල (සරල සහ ප‍්‍රත්‍යාවර්ත දෙකෙහිම) සුචකය සුන්‍යයෙහි තිබේදැයි පිරික්ෂන්න. එසේ නැති නම් සුචකය සිරුමාරු කරන්න. (දෝෂයකින් තොර වෙතොත් එක පරිමානයක සීරුමාරු කළ විට අනෙක් පරිමාණවල ද සුචකය සුන්‍යයෙහි විය යුතුය)



4. ශ‍්‍රීත ස්චිචය (ප‍්‍රතිරෝධ) ඕම් පරිමාණයකට සම්බන්ධ කරන්න. ධන සහ ඝෘණ නියමු ස්පර්ශ කොට අදාළ ඕම් පරිමාණයේ 0 කියවන්නේ දැයි පරික්ෂා කරන්න. නැතහොත් ඕම් සිරුමාරුකරණය මඟින් සුචකය 0 වෙත ගෙනෙන්න. මෙලෙස අනෙකුත් ඕම් පරිමාණ ද නිරික්ෂණය කොට සිරුමාරු කරන්න.





(c) Shilpa Sayura Foundation 2006-2017