බහු මානය ප්රත්යාවර්ත විදුලි වෝල්ටියතාව මැනිම සඳහා ද පහසුකම් සලසයි
බහු මානයේ පාවිච්චි කෙරෙන ගැලවනෝ මානය M සරල විදුලි ධාරාවට සංවේදි එකකි. එය ප්රත්යාවර් ධාරා සඳහා යොදා ගත නොහැක. මෙයට හේතුව සරල ධාරාවෙහි මෙන් නොව ප්රත්යාවර්ත ධාරාවෙහි ධ්රැවියතාව නිරතුරුව මාරුවීම යි.
සරල ධාරාවකමෙන් නොව, ප්රත්යාවර්ත ධාරාවක ධ්රැවියතාව නිරතුරුව ම වෙනස් වේ.
(අ) සරල ධාරාව (ආ) ප්රත්යාවර්ත ධාරාව
(ඇ) දියෝදයක් මගින් සෘජුකරණය (ඊ) සෘජුකරණය කළ ධාරාව
1-7 චිත්රයේ (අ) රූපයෙන් සරල ධාරාවක් නිරූපණය වෙයි. සරල ධාරාව ගලන දිශාව වෙනස් නොවේ. විදුලිය නිතර ම ගමන් කරන්නේ ධන + ධ්රැවයේ සිට - ධ්රැවය කරා වේ. එම් නිසා සරල ධාරාව නිරත ම ප්රස්ථාරයේ ධන අර්ධයේ නිරුපණය වෙයි.
(ආ) රූපයෙන් දැක්වෙන්නේ ප්රත්යාවර්ත ධාරාවකි. එය එක් අවස්ථාවක ප්රස්ථාරයේ ධන අර්ධයෙහි ද, තවත් අවස්ථාවක ඝෘණ අර්ධයෙහි ද වෙයි. එනම්, ප්රත්යාවාර්ත ධාරාවේ ධ්රැවියතාව කාලයත් සමඟ වෙනස් වෙයි. එක් මොහොතක එක් දිශාවකට ගලන විදුලිය ඊළඟ අවස්ථාවේ ප්රතිවිරුද්ධ දිශාවට ගලයි.
අප ජාතික විදුලිබල පද්ධතියෙහි තත්පරයකට පනස් වාරයක් ධ්රැවීයතාව වෙනස් වේ. සමහර ප්රත්යාවර්ත සැපයුම් මෙයට අධික වේගයකින් වෙනස්වේ. ගැල්වනෝ මානයේ සුචකය වෝලටියතා ධන අර්ධයෙහි දි එක දිශාවකටත්, ඝෘණ අර්ධයෙහි දි විරුද්ධ දිශාවටත් උත්ක්රමණය වේ. තත්පරයට 50 වරකට හො එයටත් වැඩි වේගයකින් ධ්රැවියතාව වෙනස් වන විට ඒ හා සමාන වේගයකින් සුවකයට උත්ක්රමණය විය නොහැක. ඒ සුචකය අවස්තිය හේතුවෙනි. සුචකය එකම තැන රැදි සිටි.