පරිපථයක අටවිමේ දි මෙන් ම පරිපථයක් අලූත්වැඩියා කිරිමේ දි ද එක් එක් සංරචකවල ප්‍රතිරෝධය දැන ගැනිම අවශ්‍ය වේ. මේ සඳහා ප්‍රයෝජනවත් වන්නේ ඕම් මානයයි. බහු මානයෙන් ද ඕම් මානයේ කාරිය සිදු කළ හැකි බව පෙර දී සඳහන් විය.
චිත්රයේ දැක්වෙන්නේ 1-2 සරල බහුමාන පරිපථයේ කොටසකි. මෙහි අග්‍ර 8 සිට 10 දක්වා ප්‍රතිරෝධය මැනිමට යොදා ගැනේ. ප්‍රතිරෝධය මැනිමට යොදාගන්නා මෙම අග්‍ර සමඟ විදුලි කෝෂයක් හෝ කිහිපයක් යොදා තිබෙනු පෙනේ. එමෙන් ම, එම අග්‍ර ප්‍රතිරෝධකයක් (R8, R9 හෝ R10) සහ විභව මානයක් ( VR1, VR2 හෝ VR3) සමඟ ගැල්වනෝ මානය M ද ශ්‍රේණිගත කොට ඇත. මිනුම් පරාස 8 අග්‍රය x1Ω ලෙස ද 9 අග්‍රය x 1000Ω සහ 10 අග්‍රය x10000Ω පරාසයක් සහිත 10 අග්‍රය සමඟ ඇත්තේ 9V බැටරයකි. අනෙකුත් අග්‍ර සමඟ 1.5V කෝෂයක් වේ.
ප්‍රතිරෝධය මැනිම සඳහා යොදා ගන්නා ඕම් පරිමාණයක් චිත්රයේ දැක්වේ. ඕම් පරිමාණය ඇම්පියර සහ වොල්ටි පරිමාණවලට වඩා වෙනස් බව පෙනි යනු ඇත. ඕම් පරිමාණයේ පහත දැක්වෙන ප්‍රධාන වෙනස්කම් දැකිය හැක.
1. ගැල්වනෝ මානය උත්ක්රමය නොවන විට (එනම් වම් කෙරවලෙ), සටහන්ව ඇත්තේ අනන්තය අඟවන ර්ණරා” සංකේතයයි (ඇම්පියර සහ වෝල්ට් පරිමාණ මෙම ස්ථානයේ ර්ණ0”හෙවත් සුන්‍යය සටහන් කරයි.
2. ඕම් පරිමානයේ දකුණු කෙරවලේ සටහන්ව ඇත්තේ 0 (සුන්‍යය) යි. එනම් ගැල්වනෝ මානය පුර්ණ උත්ක්රමය වු විට ප්‍රතිරෝධ පාඨාංකය 0 වේ. දකුණු කෙරවලේ 0 සිට වම් කෙරවලේ 0 දක්වා ප්‍රතිරෝධ පාඨාංක වැඩි වන ලෙසට පරිමානය සකසා ඇත.
3. මිලි ඇම්පියර සහ වෝල්ට් පරිමාණ රේඛිය වෙතත්, සමාන ප්‍රදාන අගයකට සමාන විස්ථාපනයක් වෙතත්* ඕම් පරිමාණය ලොග් පරිමාණයකි. එනම් අගය වැඩිවත්ම උත්ක්රමය පරාසය අඩු වේ. මේ නිසා, ඉහළ අගයන් සමිපව පිහිටා තිබෙන අතර පරිමාණයේ වම් කෙරවලේ නිරවද්‍යතාව ඉන් අඩු වේ.