විදුලිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට ධාරාව මෙන්ම වෙල්ටියතාව ද දැන ගැනීමට අවශ්‍ය වේ. බටයක් තුළින් ගලන ජලය පිළිබඳ නිසි අවබෝධයක් ලැබිමට තත්පරයකට ගලන ජල ලීටර ගණන පමන් නොව එම ජලය කුමන පිඩනයක් යටතේ ගලවා ද යන්න දැන ගැනීම ද අවශ්‍ය වන්නාසේය. ( වෝල්ටීයතාව යනු විදුලි පිඩනය යි)
විදුලි පන්දම් කෝෂයක වොල්ට් 1.5 ක විදුලි තෙරපුමක් ඇති අතර, කාර්ය බැටරියක එය වෝල්ට් 12 ක් පමණ වේ. බස් සහ ලෝරියවල බැටරි කිහිපයක සම්බන්ධ කොට 24V ක ( "V” වෝල්ට් වෙනුවට යොදන කෙටි යෙදුමකි) තෙරපුරමක් නොහොත් වෝලටියතාවක් ලබාගනු ලැබේ.
චිත‍්‍රයෙන් දැක්වෙන අපේ බහුමානයෙහි පරිමාණ තුනක් (අග‍්‍ර 5 සිට 7 දක්වා) වෝල්ටීයතාව මැනිම සඳහා යොදාගනු ලැබ ඇත. 5 වන අග‍්‍රයෙන් වෝල්් 10 දක්වාද, 6 වැනි අග‍්‍රයෙන් වෝල්ට් 100 දක්වා සහ 7 වැනි අග‍්‍රයෙන් වෝලට් 1000 දක්වා ද වෝලටීයතාව මැනිය හැක. 1-2 චිත‍්‍රයේ පරිපථය පරීක්ෂා කිරිමේ දී වෝලටීයතාව මැනිම සඳහා වු අග‍්‍ර ගැල්වනෝ මානයට M සම්බන්ධ කර ඇත්තේ (1 සිට 4 දක්වා) ධාරාව මැනීමට වු අග‍්‍ර මෙන් නොවන බව පෙනි යනු ඇත. ධාරාව මැනිමේ අග‍්‍ර R1 R2 R3 සහ R4 ප‍්‍රතිරෝධක මඟින් M සමඟ සමාන්තරව සම්බන්ධ කොට තිබේ. එහෙත්, වෝල්ටීයතාව මැනිමට 5 සිට 7 ක්වා වු අග‍්‍ර ප‍්‍රතිරෝධක (R5 සිට R7) මඟින් කෙළින්ම M ගැල්නෝ මොනයට සම්බන්ධ කොට ඇත. මෙය හදුන්වන්නේ ශ්‍රේණිගත කිරිම යනුවෙනි.
වැඩි වෝල්ටියතාවක් මැනිමේ දි වැඩි ධාරාවක් M හරහා ගැලිම සිදු වේ. එහෙත් M තුළින් හා හැකි උපරිම ධාරාව 10mA කි. මෙයට වඩා ධාරාවක් ගැලිම වළකාලන්නේ R5 සිට R7 දක්වා වු ප‍්‍රතිරෝධක මඟිනි. මේ අනුව (5 අග‍්‍රය 10V ක්ද, 6 අගය 100V ක්ද 7 අග‍්‍රය 1000V ක්ද මැනිමට ක‍්‍රමාංකනය කර ඇති නිසා) R5 මෙන් දශ ගුණයක් R6 ද R6 මෙන් දශ ගුණයක් R7 ද විය යුතුය.
වෝල්ටියතාව මැනිමේ දි ද ධාරාව මැනිමේදි අනුගමනය කළ පිළිවෙළ වු වැඩිම පරිමාණයේ සිට අඩු පරිමාණය දක්වා අග‍්‍ර තෝරා ගැනිමේ ක‍්‍රමය අනුගමනය කළයුතු ය. වොල්ටියතා පරිමාණ ද ධාරා මැනිමේ මි.ඇ. පරිමාණ මෙන් සමාන වෝල්ටියතාවට සමාන උත්ක‍්‍රමයක් ලැබෙන සේ සැකසු පරිමාණ (රේඛිය පරිමාණ) වෙයි.