ධාරාව මැනිම
 

චිත‍්‍රයේ දක්වා ඇති පරිපථයට අදාළ බහු මානයෙන් මැනිය හැකි උපරිම අග‍්‍ර මි. ඇ 500 ක් පමණකි. මී. ඇ. 500 ඉක්ම වු ධාරාවක් මැනිමට උත්සාහ කළහොත් මානය විනාශ වී යා හැක. එම නිසා , ධාරාවක් මැනිමට පෙර එහි අගය පිළිබඳ රළු අවබෝධයක් තිබිම අවශ්‍යය ය.




ධාරාව පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ඇති විට එය පළමුව යොමු කළ යුත්තේ විශාලතම පරාසයක් (1.2 චිත‍්‍රයෙහි 500mA) ඇති පරිමාණයට සම්බන්ධ අග‍්‍රයටය. ඉන් පසුව එයට ආසන්න ම අග‍්‍රයට ද යොමු කිරිමෙන් ධාරාව පිළිබඳ රළු අවබෝධයක් ලබාගත හැක. අනතුරුව ධාරාවට වඩාත්ම ආසන්න පරාසයයෙන් යුත් පරිමාණයට යොමු කිරිමෙන් වඩාත් නිවැරදි පාඨාංකයක් ලබාගත හැකිය.

 


චිත‍්‍රය විමසිමේ දී 1 සිට 3 දක්වා වු අග‍්‍ර වෙත යොමු කරන ධාරාව මුළු මනින්ම ගැල්වනෝ මානය තුලින් නොයන බව ඔබට පෙනෙු ඇත. 1 අග‍්‍රයට 500mA ධාරාවක් යොමු කළ විට ඉන් වැඩි කොටසක් R1 ප‍්‍රතිරෝධකය හරහා ඝෘණ අග‍්‍රයට (A අග‍්‍රයට) ගලා යයි. R2, R3 සහ R4 ප‍්‍රතිරෝධකය හරහා ද ගලා යාමට සිදුවන නිසා ගැල්වනෝ මානය (M) හරහා යන්නේ සුළු ධාරාවකි. මෙහි ගැල්වනෝ මානයට පුර්ණ උත්ක‍්‍රමයක් සඳහා අවශ්‍ය වන්නේ 10mA ටත් අඩු ධාරාවක් නිසා 1 අග‍්‍රයට මි. ඇ. 500 ක් යොමු කළ විට, ඉන් මි. ඇ. 490 ටත් වැඩි ප‍්‍රමාණයක් R1 තුළින් ගමන් කරයි.


සියලූ මිනුම් කිරිමට පෙර ගැල්වනෝ මානය "0” (සුන්‍යය) කියවන්නේදැයි පරීක්ෂා කර සුචකය සීරුමාරු කිරීම කළ යුතුය.




අග‍්‍රයට උපරිම වශයෙන් යොමු කළ හැක්කේ මි.ඇ. 250 ක ධාරාවකි. මින් මි.ඇ. 240 ට වැඩි ධාරාවක් R1 සහ R2 තුලින් ගමන් කරන අතර, M තුළින් ගලා යන්නේ මි.ඇ. 10 ට ආසන්න ධාරාවක් පමණකි. මෙලෙස ම, 3 අග‍්‍රය වෙත මි. ඇ. 100 ක ධාරාවක් යොමු කළ විට ඉන් මි.ඇ. 90 කට අධික ප‍්‍රමාණයක් R1, R2 සහ R3 හරහා ගලා යන අතර, ඉතිරි මිලි ඇම්පියර් 10 කට ආසන්න ධාරාව ඵ හි පුර්ණ උත්ක‍්‍රමයක් පෙන්වයි.


අවසාන වශයෙන් කුඩා ම පරාසය වන මි. ඇ. 10 යොමු කෙරෙන්නේ 4 වන අග‍්‍රයට ය. 4 අග‍්‍රය සෘජුව ම ඵ ට සම්බන්ධව ඇති නිසා (R1, R2, R3 සහ R4 ප‍්‍රතිරෝධක හරහා යන ඉතා කුඩා ධාරාවක් හැරුණු විට මුළු මි. ඇ. 10 ම වාගේ ඵ තුළින් ගලා යාමෙන් පුර්ණ උත්ක‍්‍රමයක් දිස්වෙයි.


ඉහත දැක් වු පරිදි ධාරාව මැනිම සඳහා පරාස 4 ක්ම යොදා ගෙන ඇත්තේ වඩා නිවැරදි පාඨාංක ලබාගැනිම සඳහා ය. ධාරා පරාස 4 සඳහා පරිමාණ 4 ක් ද බහු මානයේ තිබේ. 1-3 චිත‍්‍රයේ දක්වා ඇත්තේ මෙවැනි එක් පරිමාණයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017