බහු මානය හැඳින්වීම
 
ධාරාව, වෝල්ටියතාව සහ ප‍්‍රතිරෝධය මැනීමට නිපදවා ඇත.
බහු මානය නිපදවා ඇත්තේ ධාරා මානය, වෝල්ටි මානය සහ ඕම් මානය එකතු කිරීමෙනි.

බහු මානය(Multi Meter)
 
බහු මානයේ ඇත්තේ ඉතා සංවේදි ගැල්වනෝ මානයකි. මෙම ගැල්වනෝ මානය බොහෝ විට මයික්‍රො ඇම්පියර 500 ක් තරම් කුඩා ධාරාවකින් මුළු පරිමාණය පුරාම විස්ථාපනය වෙයි. ප‍්‍රතිරෝධක විවිධ ක‍්‍රමවලට යොදා ගැනිමෙන් ඉහත සඳහන් කළ පරිදි ඇම්පියර, වෝල්ට් සහ ඕම් යන ඒකක තුන් වර්ගය ම මැනිය හැකි ලෙස සකස් කොට ඇත.
 
සියලූම මිනුම් සඳහා එකම ගැල්වනෝ මීටරයක් යොදා ගන්නා නිසා, මිනුම් ඒකක පරාස කිහිපයකට බෙදා තිබේ. උදාහරණයක් ලෙස ඇම්පියර ඒකකය මිලි ඇම්පියර 500, මිලි ඇම්පියර - 250, මිලි ඇම්පියර -100, සහ මිලි ඇම්පියර 10 වශයෙන් බෙදා තිබෙන්නට පුළුවන.
 






















1. ධාරා මානය නොහොත් ඇම්පියර මානය විද්‍යුත් ධාරාව මනි. මයික්‍රෝ ඇම්පියරයේ සිට ඇම්පියර කිහිපයක් දක්වා මැනීමට පරාස කිහිපයකින් යුතුව එය සැලසුම් කර ඇත.

2. වෝල්ටි මානය ද මයික්‍රෝ වෝල්ටිවල සිට වෝල්ටි 1000 තරම් පරාසයක මිනුම් සඳහා පරාස කිහිපයකින් යුතුව නිපදවා ඇත.

3. ඕම් මානය ප‍්‍රතිරෝධය මැනිම සඳහා වන අතර, ඇම්පියර් මානය සහ වේල්ටි මානය මෙන් පරිමාණය රේඛිය නොවේ. අවම ප‍්‍රතිරෝධයක් දක්වන පුර්ණ උත්ක‍්‍රමයක් සහිත දකුණු කෙළවරෙහි ප‍්‍රතිරෝධ අගයන් දුරින් සටහන්ව ඇතත්, උපරිම ප‍්‍රතිරෝධයක් දක්වන අවම උත්ක‍්‍රමයක් සහිත වම කෙළවරෙහි අගයන් එක් රොක් වී ඇත. ඕම් මානයෙහි ඇත්තේ ලොග් පරිමාණයකි.














මෙහි පොදු අග‍්‍රයයි. එය ඝෘණ (-) විභවයේ පවතී අග‍්‍ර 1 සිට 4 දක්වා ධාරාව මැනීමට ද 5 සිට 7 දක්වා වෝල්ටීයතාව මැනීමට ද 8 සමිට 10 දක්වා ප‍්‍රතිරෝධ මැනීමට ද යොදා ඇත.
 
චිත‍්‍රයේ දක්වා ඇත්තේ සරල බහු මානයක (AVO මානයක) පරිපථයකි. මෙහි A පොදු අග5ය වන අතර, එය ඝෘණ (-) විභවයෙහි රඳවා ඇත. අග‍්‍ර 1 සිට 4 දක්වා ධාරාව මැනිම සඳහා ය. එම අග‍්‍ර 500mA 250mA 100mA සහ 10mA වශයෙන් නම් කොට ඇත. ඉන් අදහස් වන්නේ අග‍්‍රයේ සඳහන් ධාරාව එම අග‍්‍රයට දුන් විට පරිමාණයේ කෙළවරට ම ගැල්වනෝ මානය උත්ක‍්‍රමණය වන බවය. 5 සිට 7 දක්වා වු අග‍්‍ර වෝල්ටීයතාව මැනිම සඳහා වේ.
 
මෙම අග‍්‍ර 10V සිට 1000V දක්වා ලකුණු කොට ඇත. ඒ අනුව 10V අග‍්‍රයට වෝල්ටි 10 ක් දුන් විට පරිමාණයේ සම්පුර්ණ උත්ක‍්‍රමයක් ඇති වන අතර, 1000V අග‍්‍රයට සම්පුර්ණ උත්ක‍්‍රමය සඳහා වෝල්ටි 1000 ක් යොමු කළයුතු වෙයි. අග‍්‍ර 8 සිට 10 දක්වා ප‍්‍රතිරෝධ මැනිම සඳහා යොදාගෙන තිබේ. ඒවා පිළිවෙලින් x1,x1000 සහ x10000 ලෙස ලකුනු කොට තිබේ. ධාරාව සහ වෝල්ටියතාව මැනිම සඳහා වු අග‍්‍රවල (1 සිට 7 දක්වා) මෙන් නොව, ප‍්‍රතිරෝධ මැනිමේදී ගැල්වනෝ මානය පුර්ණ උත්ක‍්‍රමය දක්වන්නේ ප‍්‍රතිරෝධය සුන්‍යය වු අවස්ථාවේදි ය. එනම් අදාළ අග‍්‍රය කෙළින්ම ඝෘණ අග‍්‍රයට :්* සම්බන්ධ කළ අවස්ථාවේදි ය. ප‍්‍රතිරෝධයක් අග‍්‍රවලට සම්බන්ධ කළහොත් ප‍්‍රතිරෝධයේ අගය අනුව විස්ථාපනය අඩුවේ.
 
මේ අනුව ඕම් පරිමාණයේ දර්ශකය වැඩි උත්ක‍්‍රමයක් දක්වන විට අඩු අගයක්ද, අඩු උත්ක‍්‍රමයක් ඇති විට වැඩි අගයක්ද පෙන්වයි. ධාරාව වෝල්ටීයතාව සහ ප්‍රතිරෝදය මැනිමසඳහා පරාස කිහිපයක් යොදාගෙන ඇත්තේ වඩා නිවැරදි පාඨාංකයක් බලාපොරොත්තු විය නොහැක. එහෙත් මී. ඇ. 05 ක ධාරාව 500 පරිමාණයෙහි මැනිමෙන් වඩා නිවරදි පාඨාංකයක් ලබාදෙන ඇත. පරිමානය මි. ඇ. 5 ට වඩා සමීප විම මෙයට හේතුවයි. වෝල්ටීයතාව සහ ප‍්‍රතිරෝධය මැනිමේ දී ද මේ තත්වයෙහි වෙනසක් නොවේ.
 

වඩා සංකීර්ණ  බහු මානය උපකරණවල ධාරාව, වෝල්ටියතාව සහ ප‍්‍රතිරෝධයට අමරතව ට‍්‍රාන්සිස්ටර්වල වර්ධනය සහ ධාරිත‍්‍රකවල ධාරිතාවද මැනිමට පහසුකම් ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017