තරගකාරි වෙළෙද පොළක සමතලිතතාව
 

යම්කිසි මිලක් යටතේ භාණ්ඩයක වෙළෙද පොළ ඉල්ලුම් ප්‍රමාණයත්, සැපයුම් ප්‍රමාණයත් නිශ්චිත වශයෙන්ම සමාන විම, තරගකාරි වෙළෙද පොළක සමතුලිතය ලෙස සැලකේ.


 

වෙළෙද පොළ සමතුලිත තත්ත්වය යටතේ පවතින මිල, සමතුලිත මිල යනුවෙන්ද, තිරණය වි ඇති ඉල්ලුම් හා සැපයුම් ප්‍රමාණය, සමතුලිත ප්‍රමාණය යනුවෙන් හැදින්වේ.

වෙළෙද පොළ සමතුලිතය හදුන්වා දිය හැකි තවත් විවිධ ආකාරයන්



  • වෙළෙද පොළ සමතුලිතයේදි ඉල්ලුම් මිල හා සැපයුම් මිල එකිනෙකට සමාන වේ.
  • වෙළෙද පොළ සමතුලිතයේදි ඉල්ලුම් ප්‍රමාණය හා සැපයුම් ප්‍රමාණය එකිනෙකට සමාන වේ.
  • වෙළෙද පොළ සමතුලිතයේදි අධි ඉල්ලුමක් හෝ අධි සැපයුමක් හෝ නොමැත.
  • වෙළෙද පොළ සමතුලිතයේදි අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල ශුන්‍ය වේ.

වෙළෙද පොළ සමතුලිතය ඉදිරිපත් කළ හැකි විකල්ප ක්‍රම



  • ගණිතමය ආකාරයෙන් (එනම් සමිකරණ මගින්)
  • සංඛ්‍යාත්මක ආකාරයෙන් (එනම් ඉල්ලුම් සැපයුම් ලේඛනයක් මගින්)
  • ජ්‍යාමිතිකව (එනම්, ඉල්ලුම් සැපයුම් වක්‍ර මගින්)

සමීකරණ මගින් වෙළෙද සමතුලිතය ඉදිරිපත් කිරිම


ඉල්ලුම් ශ්‍රිතය, Qdx = 70 – 2 Px
සැපයුම් ශ්‍රිතය, Qsx = 4Px – 50


මෙහි,


Qdx = X භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයද,
Qsx = X භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණයද,
Px = X භාණ්ඩයේ මිලද වේ.


සමතුලිතයේදි ඉල්ලුම් ප්‍රමාණයත් සැපයුම් ප්‍රමාණයත් එකිනෙකට සමාන වන බැවින්,


එනම්,
Qdx = Qsx නිසා,


4PX – 50 = 70 – 2Px
4Px + 2P = 70 + 50
6Px = 120
Px = 20 (එනම් භාණ්ඩයේ සමතුලිත මිල)


මේ අනුව ඉහත ඉල්ලුම් ශ්‍රිතය හා සැපයුම් ශ්‍රිතය සදහා Px වෙනුවට රු.20 ආදේශ කිරිමෙන් සමතුලිත ප්‍රමාණය භාණ්ඩ ඒකක 30 බව සොයා ගත හැකිය.


ඉල්ලුම් හා සැපයුම් ලේඛනය මගින් වෙළෙද පොළ සමතුලිතය ඉදිරිපත් කිරිම


ඉල්ලුම් හා සැපයුම් සමිකරණ විසදිමෙන් Px සදහා ලබා ගත් අගය මුලික කර ගෙන පිළිවෙළින් ඊට අඩු හා වැඩි අගයන් කිහිපයක් එම ඉල්ලුම් හා සැපයුම් සමිකරණවලට ආදේශ කිරිමෙන් ඒවා ඉල්ලුම් හා සැපයුම් ලේඛන බවට පරිවර්තනය කර ගත හැකිය. ඒ අනුව ඉල්ලුම් හා සැපයුම් ලේඛනයක් 2.5 සංඛ්‍යා සටහනින් දැක්වේ.

 

(c) Shilpa Sayura Foundation 2006-2017