සැපයුම් නම්‍යතාව
 

භාණ්ඩයක මිලෙහි ඇතිවන සාපේක්ෂ වෙනසකට ප්‍රතිචාරි ලෙස එහි සැපයුම් ප්‍රමාණයෙහි ඇති වන සාපේක්ෂ වෙනස, සැපයුම් නම්‍යතාව යනුවෙන් හැදින්වේ.



සැපයුම් නම්‍යතාව  =       සැපයුම් ප්‍රමාණයෙහි සාපේක්ෂ වෙනස
                                      මිල වෙනස් විමේ සාපේක්ෂ වෙනස

          ඉහත සුත්‍රය ගණිතමය සංකේත මගින්ද දැක්විය හැකිය.


          Es      =       rQs ÷ rP
                             Qs      P


          Es      =       rQs × P
                             rP      Qs


rQs = සැපයුම් වෙනස, Qs = භාණ්ඩයේ මුල් සැපයුම, rP = මිලෙහි වෙනස, P = මුල් මිල

= භාණ්ඩයේ මුල් සැපයුම, rP = මිලෙහි වෙනස, P = මුල් මිල

සැපයුම් නම්‍යතා සංගුණකයේ ප්‍රභේද


සැපයුම් නම්‍යතා සංගුණකයේ අගය 0 සිට අපරිමිතය දක්වා පවතින අතර ඒ අතර ප්‍රධාන ප්‍රභේද 5ක් හදුනා ගත හැකිය.


Es = 0 පුර්ණ අනම්‍ය සැපයුම
Es = <1 එකට අඩු නම්‍ය සැපයුම
Es = 1 ඒකිය නම්‍ය සැපයුම
Es = >1 එකට වැඩි නම්‍ය සැපයුම

Es = ∞ පුර්ණ නම්‍ය සැපයුම හෙවත් අපරිමිත නම්‍ය සැපයුම

  • පුර්ණ අනම්‍ය සැපයුම් නම්‍යතාව

භාණ්ඩයේ මිල කවර ප්‍රතිශතයකින් වෙනස් වුවද ඊට ප්‍රතිචාර ලෙස සැපයුම් ප්‍රමාණය නොවෙනස්ව පැවතිමේ සැපයුම් තත්ත්වය පුර්ණ අනම්‍ය සැපයුම් නම්‍යතාව ලෙස හැදින්වේ. මෙහිදි සැපයුම් නම්‍යතා සංගුණකයේ අගය 0 ය. පුර්ණ අනම්‍ය සැපයුම් නම්‍යතාව, ශුන්‍ය සැපයුම් නම්‍යතා ව ලෙස ද විකල්ප වශයෙන් හැදින්වේ. 2.17 රූපය බලන්න.



  • එකට අඩු සැපයුම් නම්‍යතාව

භාණ්ඩයේ මිල වෙනස් වන ප්‍රතිශතයට ප්‍රතිචාර ලෙස ඊට වඩා අඩු ප්‍රතිශතයකින් සැපයුම් ප්‍රමාණය වෙනස් විමේ සැපයුම් තත්ත්වය මෙසයින් අදහස් වේ. එකට අඩු සැපයුම් නම්‍යතාවේදි සැපයුම් නම්‍යතා සංගුණකය සැමවිටම එකට ුඩු අගයක් ගනි. 2.18 රූපය බලන්න.



  • ඒකීය සැපයුම් නම්‍යතාව

භාණ්ඩයේ මිල වෙනස් විමේ ප්‍රතිශතයට පුතිචාර ලෙස ඊට සමාන ප්‍රතිශතයකින් සැපයුම් ප්‍රමාණය වෙනස් විමේ තත්ත්වය මෙයින් අදහස් වේ. මෙහිදි සැපයුම් නම්‍යතා සංගුණකය සැමවිටම එකට වැඩි අගයක් ගනි. 2.20 රූපය බලන්න.



  • අපරිමිත සැපයුම් නම්‍යතාව

භාණ්ඩයේ මිල සුළු වශයෙන් වෙනස් විමකදි පවා ඊට ප්‍රතිචාරි ලෙස එහි සැපයුම් ප්‍රමාණය ඉතා විශාල වශයෙන් වෙනස් විමේ සැපයුම් තත්ත්වය අපරිමිත සැපයුම් නම්‍යතාව ලෙස සැලකේ. මෙහිදි සැපයුම් නම්‍යතා සංගුණකය අපරිමිත අගයක් ගනි.



සැපයුම් නම්‍යතාව කෙරෙහි බලපාන ප්‍රධාන සාධක (සැපයුම් නම්‍යතා තිරක)



  • නිෂ්පාදන සම්පත් කර්මාන්ත අතර මාරු කිරිමේ හැකියාව (කර්මාන්ත අතර සම්පත් සංචලනය)
  • භාණ්ඩ සැපයිමට ගත වන කාලය (භාණ්ඩ සැපයිමේ කාල පමාව)
  • තොග භාණ්ඩ ගෙන යාමේ හැකියාව

(c) Shilpa Sayura Foundation 2006-2017