සැපයුම් න්‍යාය
 

සැපයුම් න්‍යාය යනු මිල වැඩි වනවිට වැඩි ප්‍රමාණයකුත්, මිල අඩුවන විට අඩු ප්‍රමාණයකුත් සැපයුම්කරුවන් විසින් සැපයුම් කිරිමය. සැපයුම් න්‍යාය උපකල්පන දෙකක් මත රදා පවති. ඉන් පළමුවැන්න, සැපයුම යනු යම් නිශ්චිත අවස්ථාවක සැපයුම් තත්ත්වය විමය. දෙවැන්න, සලකා බලන භාණ්ඩයේ මිල හැර සැපයුම් කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවරව පවතින බවය.




 


සැපයුම් ප්‍රමාණය වෙනස් විම :- භාණ්ඩයක සැපයුමට බලපාන අනෙකුත් සාධක ස්ථාවරව පවතිද්දි එහි මිල පමණක් වෙනස් විම නිසා සැපයුම් ප්‍රමාණයෙහි ඇතිවන වෙනස් විම මෙයින් අදහස් වේ. මේ ආකාරයට මිල වැඩි විම නිසා සැපයුම් ප්‍රමාණය ඉහළ යාම සැපයුම් ප්‍රසාරණය ලෙස ද, මිල අඩුවිම නිසා සැපයුම් ප්‍රමාණය ඉහළ යාම සැපයුම් ප්‍රසාරණය ලෙසද, මිල අඩුවිම නිසා සැපයුම් ප්‍රමාණය පහළ යාම සැපයුම් සංකෝචනය ලෙස ද, හැදින්වේ. මෙසේ සැපයුම ප්‍රසාරණය වීම හෝ සංකෝචනය විම සැපයුම් වක්‍රය දිගේ ඉහළට හෝ පහළට ගමන් කිරිමකි. එබැවින් සැපයුම් ප්‍රමාණය වෙනස් විම, සැපයුම් වක්‍රය දිගේ ගමන් කිරිමක් යනුවෙන්ද හදුන්වනු ලැබේ. 2.15 රූපය බලන්න.


සැපයුම් වක්‍රය විතැන්විම :- මිල ස්ථාවරව තිබියදි සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධකවල වෙනස් විම නිසා සැපයුම අඩුවිම හෝ වැඩිවිම, සැපයුම් වක්‍රය විතැන් විම යනුවෙන් හැදින්වේ.


සැපයුම් වක්‍රය විතැන් විම මගින් සැපයුම් වක්‍රය දකුණට හෝ වමට මාරු වෙයි. එනමු, සැපයුම වැඩි විමේදි සැපයුම් වක්‍රය දකුණටද, සැපයුම අඩු විමේදි සැපයුම් වක්‍රය වමටද, මාරු වෙයි. මෙය 2.16 රූපය මගින් දැක්වෙයි. ඒ අනුව මුල් සැපයුම S, S වක්‍රය මගිනුත්, සැපයුම වැඩිවිම S1, S1වක්‍රය මගිනුත්, සැපයුම අඩුවිම S2, S2 වක්‍රය මගිනුත් දැක්වේ.


(c) Shilpa Sayura Foundation 2006-2017