සැපයුම් වක්‍රය
 

විවිධ මිල ගණන් යටතේ සැපයුම්කරුවෙකු සැපයිමට සුදානම් උපරිම භාණ්ඩ ප්‍රමාණය දැක්විම සදහා නිර්මාණය කෙරෙන වක්‍රය සැපයුම් වක්‍රය ලෙස හැදින්විය හැකිය.


සැපයුම මිලෙහි ශ්‍රිතයක් බව සැපයුම් වක්‍රය මගින් ප්‍රකාශ වේ. සැපයුම් වක්‍රයක මුලික හැඩය වමේ සිට දකුණට, ඉහළට බෑවුම් විමය. සැපයුම් වක්‍රයේ මෙම හැඩයට මුලික හේතුව වන්නේ භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය හා මිල අතර අනුලෝම සම්බන්ධතාවක් පැවතිමයි. එනමු වැඩි මිලට වැඩි ප්‍රමාණයකුත් අඩු මිලට අඩු ප්‍රමාණයකුත් සැපයුම් කිරිමය. 2.4 සැපයුම් ලේඛනයට අදාළ සැපයුම් වක්‍රය 2.14 රූපයෙන් දැක්වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017