සැපයුම් ශ්‍රිතය
 

භාණ්ඩයක සැපයුම සහ එම සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක අතර පවත්නා සම්බන්ධතාවෙහි ගණතමය ස්වරූපය, සැපයුම් ශ්‍රතය ලෙස හැදින්වේ.


ඉහත දක්වා ඇති, සැපයුම කෙරෙහි බලපාන සාධක අනුව, සැපයුම් ශ්‍රිතය පහත දැක්වේ.


Qsx = f(Px, P n-1, E, C, W, G)


සැපයුම මිලෙහි ශ්‍රිතයක් ලෙස,


අනෙකුත් සාධක ස්ථාවරව පවතින බව උපකල්පනය කර, සැපයුම මිලෙහි ශ්‍රිතයක් වශයෙන් පමණක් දැක්විම මෙයින් අදහස් වේ.


Qsx = f(Px)


මෙය ගණනය කර දැක්විමෙන් සැපයුම් සමිකරණයක් ගොඩ නගා ගත හැකිය. එය ඇසුරෙන් සැපයුම් ලේඛනයක් හා සැපයුම් වක්‍රයක් ගොඩ නැගිමට පුළුවන්ය.


සැපයුම් ලේඛනය


සැපයුම්කරුවන් විවිධ මිල ගණන් වලට යම් භාණ්ඩයකින් අලෙවි කිරිමට සුදානම් ප්‍රමාණ දැක්වෙන ලේඛනය සැපයුම් ලේඛනය යනුවෙන් හැදින්වේ. වෙළෙද පොළෙහි සියලුම සැපයුම්කරුවන්ගේ සැපයුම් ලේඛන එකතු විමෙන් වෙළෙද පොළ සැපයුම් ලේඛනය සෑදේ.


2.4 සංඛ්‍යා ලේඛනයෙන් සැපයුම් ලේඛනයක ආදර්ශයක් දැක්වේ.




    • 2.4 සංඛ්‍යා ලේඛනය

සැපයුම් ලේඛනය


          මිල (රු)                                                                 සැපයිමට සුදානම් ප්‍රමාණය
                                                                                                (භාණ්ඩ ඒකක)
          2.00                                                                               300
          3.00                                                                               400
          4.00                                                                               500
          5.00                                                                               600
          6.00                                                                               700
          7.00                                                                               800

4.00 500 5.00 600 6.00 700 7.00 800

(c) Shilpa Sayura Foundation 2006-2017