වෙළෙද පොළ සැපයුම ලෙස අදහස් කෙරෙන්නේ සැපයුම්කරුවන් සියලු දෙනාගේ මුළු සැපයුම ය. එනම් යම් භාණ්ඩයක් හෝ සේවයක් නිපදවන සියලුම සැපයුම්කරුවන්ගේ සැපයුම් ලේඛනවල එකතුව වේ.
සැපයුම කෙරෙහි බලපාන ප්‍රධාන සාධක
- සලකා බලන භාණ්ඩයේ මිල (PX)
- විකල්ප නිෂ්පාදන ආදේශනවල මිල (තම සම්පත් භාවිතයෙන් සැපයුම්කරුවන්ට නිපදවිය හැකි අනෙකුත් නිෂ්පාදනවල මිල) (P n -1)
- සැපයුම්කරුගේ අරමුණු (එනම්, විකුණුම් උපරිමය, ලාභ උපරිමය, දිගුකල් ව්‍යාපාරික පැවැත්ම යනාදිය) (E)
- යෙදවුම්වල මිල ගණන් (ශ්‍රමය, ප්‍රාග්ධනය, භූමිය, ව්‍යවසාය යනාදි නිෂ්පාදන සාධකවල මිල ගණන්) (C)
- ස්වභාවික හේතුන් (දේශගුණික තත්ත්වයන්, වසංගත රෝග යනාදි මිනිසාගේ බලපෑමකින් තොරව මතුවන තත්ත්වයන්) (W)
- රජයේ මැදිහත් විම් (බදු අයකිරිම, මිල පාලනය, පාරිසරික නීති, සහනාධාර සැපයිම යනාදිය) (G)