ආදායම් ඉල්ලුම් නම්‍යතාව
 

ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවරව පවතිදිදි පාරිභෝගික ආදායමෙහි ඇති වන සාපේක්ෂ වෙනසකට ප්‍රතිචාර ලෙස සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමෙහි ඇතිවන සාපේක්ෂ වෙනස ආදායම් ඉල්ලුම් නම්‍යතාව ලෙස හැදින්වේ.


          ආදායම් ඉල්ලුම් නම්‍යතා     =       ඉල්ලුම වෙනස් විමේ සාපේක්ෂ වෙනස
                                                              ආදායම වෙනස් විමේ සාපේක්ෂ වෙනස


ඉහත සුත්‍රය ගණිතමය සංකේත අනුව,


          Ey      =       rQ ÷ ry
                              Q      y


          Ey      =       rQ × y
                              Q   ry


          Ey      =       rQ × y
                             ry     Q


rQ   =       ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස, ry =       ආදායමේ වෙනස, y          =       මුල් ආදායම


ආදායම් ඉල්ලුම් නම්‍යතා සංගුණකය සාමාන්‍යයෙන් ධන අගයක් ගනි. එහෙත් බාල භාණ්ඩ සම්බන්ධයෙන්, ආදායම් ඉල්ලුම් නම්‍යතා සංගුණකය සෑම විටම සෘණ අගයක් ගනී.


වෙළෙද පොළ ඉල්ලුම් වක්‍රය


පාරිභෝගික ඉල්ලුම පිළිබද කරුණු මෙතෙක් සලකා බැලු අතර මිළගට වෙළෙද පොළ ඉල්ලුම පිළිබද කරුණු සතකා බලමු. වෙළෙද පොළ සෑදෙන්නේ පාරිභෝගික‍යන් රාශියකගේ එකතුවෙනි. එබැවින් වෙළෙද පොළෙහි විවිධ මිල ගණන් යටතේ පවතින පෞද්ගලික ඉල්ලුම් ප්‍රමාණවල එකතුවෙන් වෙළෙද පොළ ඉල්ලුම සෑදේ.


වෙළෙද පොළ ඉල්ලුම් ලේඛනය :-
වෙළෙද පොළෙහි සියලුම පාරිභෝගිකයන්ගේ ඉල්ලුම් ලේඛනවල තිරස් එකතුවෙන් වෙළෙද පොළ ඉල්ලුම් ලේඛනය සෑදේ.

වෙළෙද පොළ ඉල්ලුම් වක්‍රය :-

වෙළෙද පොළෙහි සියලුම පාරිභෝගිකයන්ගේ ඉල්ලුම් වක්‍ර තිරස් අතට එකතුකිරිමෙන් වෙළෙද පොළ ඉල්ලුම් වක්‍රය නිර්මාණය කර ගැනේ.


                                                2.3 සංඛ්‍යා සටහන
                   පාරිභෝගික ඉල්ලුම් ලේඛනය හා වෙළෙද පොළ ඉල්ලුම් ලේඛනය


















මිල (රු)


             පාරිභෝගික ඉල්ලුම් ප්‍රමාණ (ඒකක)


වෙළෙද පොළ මුළු ඉල්ලුම (ඒකක)


        A


          B


        C


2.00
4.00
6.00
8.00
10.00


80
70
60
50
40


70
60
50
40
30


60
50
40
30
20


210
180
150
120
  90


2.3 සංඛ්‍යා සටහන අනුව අදින ලද, පාරිභෝගික ඉල්ලුම් වක්‍ර සහ වෙළෙද පොළ ඉල්ලුම් වක්‍රය 2.13 රූපය මගින් දැක්වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017