භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවරව පවතිද්දි වෙනත් භාණ්ඩයක මිලෙහි ඇතිවන සාපේක්ෂ වෙනස, හරස් ඉල්ලුම් නම්‍යතාව ලෙස හැදින්වේ.
භාණ්ඩ දෙකක් අතර හරස් ඉල්ලුම් නම්‍යතාව මැනිම සදහා පහත සදහන් සූතුය යොදා ගැනේ.
හරස් ඉල්ලුම් නම්‍යතාවය = A භාණ්ඩයේ ඉල්ලුමෙහි සාපේක්ෂ වෙනස
B භාණ්ඩයේ මිලෙහි සාපේක්ෂ වෙනස
මෙම සුත්‍රය ගණිතමය සංකේත අනුව,
Ead = rQa ÷ rPb
ra pb
Ead = rQa × Pb
Pa Qa
rQa = A භාණ්ඩයේ ඉල්ලුමෙහි ඇති වු වෙනස
rPb = B භාණ්ඩයේ මිලෙහි ඇති වු වෙනස
Qa = A භාණ්ඩයෙහි මුල් ඉල්ලුම
Pb = B භාණ්ඩයෙහි මුල් මිල
වෙනත් භාණ්ඩ සම්බන්ධයෙන් හරස් ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ අගය වෙනස් වන ආකාරය
- ආදේශක භාණ්ඩ සම්බන්ධයෙන් හරස් ඉල්ලුම් නම්‍යතා සංගුණකය ධන අගයක් ගනි.
- අනුපුරක භාණ්ඩ සම්බන්ධයෙන් හරස් ඉල්ලුම් නම්‍යතා සංගුණකය සෘණ අගයක් ගනි.
- ආදේශක හෝ අනුපුරක හෝ සම්බන්ධතාවක් නොමැති වෙනත් භාණ්ඩ සම්බන්ධයෙන් හරස් ඉල්ලුම් නම්‍යතා සංගුණකය ශුන්‍ය අගයක් ගනි.