චාප නම්‍යතාව
 

ඉල්ලුම් චක්‍රයෙහි යම් ලක්ෂ්‍ය දෙකකට අයත් පරාසය තුළ ඉල්ලුම් නම්‍යතාව, චාප නම්‍යතාව යනුවෙන් හැදින්වේ. චාප නම්‍යතාවයෙහි විශේෂත්වය නම් භාණ්ඩයක මිලෙහි ඇතිවන විශාල වෙනස් විමකට ප්‍රතිචාර වශයෙන් එහි ඉල්ලුම් ප්‍රමාණයේ ඇතිවන ප්‍රතිචාරය වඩාත් නිවැරදිව මැනිම සදහා යොදා ගත හැකි මිල ඉල්ලුම් නම්‍යතා සංකල්පයක් විමය. ලක්ෂ නම්‍යතා සුත්‍රයෙහි ප්‍රධාන දුර්වලතාවයක් නම් මිල පරාසයේ හා ප්‍රමාණ පරාසයේ ප්‍රතිශතක පදනම අනුව මිල ඉහළ යන විට හා මිල පහළ යන විට නම්‍යතා සංගුණකය වෙනස් අගයන් ගැනිමය. එහෙත් චාප නම්‍යතා සුත්‍රයෙහි මෙම දුර්වලතාව නැත. ඊට හේතුව මුල් මිලෙත් පසු මිලෙත් සාමාන්‍යය ද, මුල් ප්‍රමාණයෙත් පසු ප්‍රමාණයේත් සාමාන්‍ය ද, පදනම් කරගෙන චාප නම්‍යතාව ගණනය කිරිමය. චාප නම්‍යතාව ගණනය කරන සුත්‍රය පහත දැක්වේ.





 

චාප නම්‍යතාව (Ep)                 = rQ               rp
                                        Q1 + Q2    ÷ P1 + P2

  • 2

   Ep            = rQ         × p1 + P2 
                      Q1 + Q2       rp


  Ep             = rQ     × p1 + P2 
                      rp        Q1 + Q2  


P1          =       කලින් මිල,
P2          =       වෙනස් විමෙන් පසු මිල
Q1         =       කලින් ඉල්ලුම් ප්‍රමාණය
Q2         =       මිල වෙනස් විමෙන් පසු ඉල්ලුම් ප්‍රමාණය
නිදසුන් :-
 මිල (රු.)                     ඉල්ලුම (ඒකක)
30.00                            100
40.00                            80


චාප නම්‍යතා සුත්‍රය           = rQ             ×    P1 +P2
                                          rP          Q1 + Q2


චාප නම්‍යතාව                  = 100 80   ×  30 + 40 
                                      30 – 40      100 + 80


චාප නම්‍යතාවය               = 0.778



  • චාප නම්‍යතා සුත්‍රය අනුව මුල් මිල රු.30 ලෙස සුලකුව ද, රු. 40 ලෙස සුලකුව ද ලැබෙන්නේ එකම පිළිතුරය. එය මෙමම නිදසුන පරිදි 0.778 ම වේ.

එහෙත් rQ     ×    P   යන මිල ඉල්ලුම් නම්‍යතා සුත්‍රය ඉහත නිදසුන සදහා යෙදුවහොත්, මුල් 
       rP            Q
මිල රු.30 ලෙස යොදා ගන්නා විට නම්‍යතා සංගුණකය 0.6 අතර, මුල් මිල රු. 40 ලෙස යොදා ගන්නා විට නම්‍යතා සංගුණකනය 1 වේ.


මිල ඉල්ලුම් නම්‍යතාව මගින් පාරිභෝගික වියදමෙහි හැසිරිම හෝ නිෂ්පාදක ආදායමෙහි හැසිරිම තිරණය කරන ආකාරය


මිල ඉල්ලුම් නම්‍යතාවයෙහි      මිල වැඩිවන විට පාරිභෝගික      මිල අඩුවන විට පාරිභෝගික
ස්වරූපය                       වියදම  හෝ නිෂ්පාදන ආදායම    වියදම හෝ නිෂ්පාදන ආදායම



  • පුර්ණ අනම්‍ය                   වැඩි වේ.                                             අඩු වේ.
  • එකට අඩු නම්‍ය                වැඩි වේ.                                             අඩු වේ.
  • ඒකිය නම්‍ය                     වෙනස් නොවේ.                                  වෙනස් නොවේ.
  • එකට වැඩි නම්‍ය               අඩු වේ.                                              වැඩි වේ.      
  • අපරිමිත නම්‍ය                  (වැඩි වේ)                                           (අඩු වේ)

පාරිභෝගික වියදම, නිෂ්පාදන ආදායමට සමාන බව සැලකිය යුතුය. පාරිභෝගික වියදම හැදින්විමට පාරිභෝගික පැහැදම, පාරිභෝගික අයභාරය යන විකල්ප යෙදුම් ද භාවිතා වේ.


මිල ඉල්ලුම් නම්‍යතාව කෙරෙහි බලපාන ප්‍රධාන සාධක (මිල ඉල්ලුම් නම්‍යතා තිරක)



  • ආදේශක භාණ්ඩ පැවතිම හා ඒවා ලබා ගැනිමේ පහසුව
  • භාණ්ඩයකින් ලබා ගත හැකි ප්‍රයෝජන ප්‍රමාණය
  • භාණ්ඩය සදහා පාරිභෝගික ආදායමෙන් වැය වන ප්‍රතිශතයේ ප්‍රමාණය
  • භාණ්ඩය පිරිමැසිමට ඇති ඉඩකඩ
  • භාණ්ඩය සැපයිමට ගතවන කාලය

(c) Shilpa Sayura Foundation 2006-2017