ලක්ෂ්‍ය නම්‍යතාව මැනිමේ ජ්‍යාමිතික ක්‍රමය
 

මෙය ඉල්ලුම් චක්‍රයෙහි ස්වභාවයන් දෙකක් යටතේ සලකා බලමු. එනම්, සරල රේඛිය ඉල්ලුම් චක්‍රයක ලක්ෂ්‍ය නම්‍යතාව සහ සරල රේඛිය නොවන ඉල්ලුම් චක්‍රයක ලක්ෂ්‍ය නම්‍යතාව යන තත්ත්වයන්ය.







 


සරල රේඛිය ඉල්ලුම් චක්‍රයක ලක්ෂ්‍ය නම්‍යතාව මැනිමේදි, 2.10 රූපයෙන් දැක්වෙන පරිදි A ලක්ෂ්‍යයේ ඉල්ලුම් නම්‍යතාව මැනිය යුතු නම් B හා C ලක්ෂ්‍යයන් ලකුණු කර ඉන්පසු BC දුර ප්‍රමාණය OB දුර ප්‍රමාණයෙන් බෙදිය යුතුය. ඒ අනුව,


A හි ලක්ෂ්‍ය ඉල්ලුම් නම්‍යතාව BC මගින් දැක්විය හැකිය.
                               OB


       Ep     =       BC     
                        OB


සරල රේඛිය නොවන ඉල්ලුම් චක්‍රයක ලක්ෂ්‍ය නම්‍යතාව මැනිමේදි, 2.11 රූපයෙන් දැක්වෙන පරිදි ඉල්ලුම් චක්‍රය D, D නම් හා N හි ලක්ෂ්‍ය නම්‍යතාව මැනිය යුතු නම් එම Nලක්ෂ්‍ය ස්පර්ෂ වන පරිදි මිල හා ප්‍රමාණ අක්ෂ සම්බන්ධ කර සරල රේඛාවක් ඇදිය යුතුය. ඉන් පසු ප්‍රමාණ අක්ෂයෙහි B ලකුණු කර BC දුර ප්‍රමාණය OB දුර ප්‍රමාණයෙන් බෙදිය යුතුය. එවිට,


          N හි ලක්ෂ්‍ය ඉල්ලුම් නම්‍යතාව ද, BC මගින් දැක්විය හැකිය.
                                             OB


                             Ep     =       BC
                                               OB

(c) Shilpa Sayura Foundation 2006-2017