භාණ්ඩයක මිලෙහි ඇති වන ඉතා සුළු හෙවත් අංශු මාත්‍රයක වෙනස් විමකට ඉල්ලුම් ප්‍රමාණය දක්වන ප්‍රතිචාරය, ලක්ෂ්‍ය නම්‍යතා සංකල්පයෙන් අදහස් කෙරේ.
ලක්ෂ්‍ය නම්‍යතා මැනිම මගින් සිදු වන්නේ ඉල්ලුම් චක්‍රයේ යම් ලක්ෂයක ඉල්ලුම් නම්‍යතාව මැනිමය.
ලක්ෂ්‍ය නම්‍යතාව මනින මිනුම් ක්‍රම කිහිපයක් ඇත. ඒවා නම්,
- අංක ගණිත ක්‍රමය
- ජ්‍යාමිතික ක්‍රමය
- ප්‍රතිශත ක්‍රමය
- පැහැදම් ක්‍රමය
- සාමාන්‍ය ආදායම්, ආන්තික ආදායම් ක්‍රමය
මේ අතරින්, අංක ගණිත ක්‍රමය හා ජ්‍යාමිතික ක්‍රමය යන ක්‍රම දෙක පමණක් මෙහිදි කෙටියෙන් සලකා බලමු.