එකට වැඩි නම්‍ය ඉල්ලුම
 

භාණ්ඩයක මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් විම, එකට වැඩි නම්‍ය ඉල්ලුම් තත්ත්වය ලෙස සැලකේ. මෙහිදි මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය 1 ට වැඩි අගයක් ගනි. 2.9 රූපයෙන් එකට වැඩි නම්‍ය ඉල්ලුම් චක්‍රයක් දැක්වේ. ඒ අනුව මිල 50% කින් අඩු වන විට ඉල්ලුම් ප්‍රමාණය 100% කින් ඉහළ ගොස් ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017