අපගේ දෛනික වැඩ කටයුතු කර ගැනීමට විදුලි බලය නැතිවම බැරි ශක්ති ප්රභේදයක් වී ඇත. විදුලි ධාරාවක ප්රථිඑල ප්රයෝජනයට ගන්නේ කෙසේදැයි නිරීක්ෂණය කරමු.
විදුලි ධාරාවක් ආලෝක ශක්තිය බවට පරිවර්ථනය කර විදුලි බල්බ වැනි විදුලි භාණ්ඩ වලින් ප්රයෝජන ගනියි.
විදුලි ධාරාවක් තාප ශක්තිය බවට පරිවර්ථනය කර විදුලි ස්ත්රික්ක වැනි උපකරණ මගින් ප්රයෝජන ගනී.
විදුලි ධාරාවක් ධ්වනි ශක්තිය බවට පරිවර්ථනය කර ශබ්ද විකාශණ (ඇම්ප්ලිෆයර්) යන්ත්ර වැනි උපකරණ මගින් ප්රයෝජන ගනී.
විදුලි ධාරාවක් චුම්භක ශක්තිය බවට පරිවර්ථනය කර විදුලි මෝටරය වැනි උපකරණ භාවිතා කර විවිධ විදුලි උපකරණ සාදා ප්රයෝජනයට ගනී.
රෙදි සෝදන යන්ත්රය සදහා භාවිතා කර ඇත්තේ විදුලි මෝටරයකි.