භාණ්ඩයක මිල කවර ප්‍රතිශතයකින් වෙනස් වුවත් එහි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් නොවි පැවතිම, පූර්ණ අනම්‍ය ඉල්ලුම් තත්ත්වය ලෙස සැලකේ. මෙය ශුන්‍ය නම්‍යතාව යනුවෙන්ද හැදින්වේ. 2.6 රූපය බලන්න. මෙහි රු. 2, රු. 4, රු. 6, යනාදි සැම මිලකදිම ඉල්ලුම එක සමානය. එනම් ඒකක 50 කි. පුර්ණ අනම්‍ය ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ අගය සෑම විටම 0 කි. එනම්, ශුන්‍ය අගයකි.