මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ අගය අනුව බෙදා දක්වන ප්‍රධාන අවස්ථා පහත සදහන් වේ.
- Ed = o, පුර්ණ අනම්‍ය ඉල්ලුම
- Ed = < 1, එකට අඩු නම්ය ඉල්ලුම
- Ed = 1, ඒකිය නම්ය ඉල්ලුම
- Ed = >1, එකට වැඩි නම්ය ඉල්ලුම
- Ed = oc, පුර්ණ නම්ය හෙවත් අපරිමිත නම්ය ඉල්ලුම
මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ අගය ශුන්යයත්, අපරිමිතයත් අතර ඕනෑම අගයක් ගත හැකි බව ඉහත දක්වා ඇති මිල ඉල්ලුම් නම්‍යතා සංගුණක ප්‍රභේද අනුව පෙනි යයි. මෙම සංගුණක ගණනය කිරිමේදි ශුන්‍ය හා අපරිමිත යන අවස්ථා හැරුණු විට අන් සෑම අවස්ථාවකදිම පිළිතුරු වශයෙන් ලැබෙන අගය සෘණ අගයක් ගනි. මිට හේතුව මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවක් පැවතිමයි. එහෙත් මිල ඉල්ලුම් නම්‍යතා සංකල්පයේ අගය ප්‍රකාශ කිරිමේදි සෘණ ලකුණු නොසලකා හැරේ. ඉහත එක් එක් නම්‍යතා අවස්ථා කෙටියෙන් සලකා බලමු.