ආදේශක භාණ්ඩ හා අනුපුරක භාණ්ඩ
 

ආදේශක භාණ්ඩ හා අනුපුරක භාණ්ඩ පිළිබද කෙටි හැදින්විමක් දැක්විම මෙහිදි වැදගත් වනු ඇත.

එක් භාණ්ඩයක් වෙනුවට යොදා ගත හැකි වෙනත් භාණ්ඩ, නිදසුන් වශයෙන් පළතුරු බිම හා තැඹිලි දැක්විය හැකිය. එකිනෙකට ආදේශ වශයෙන් යොදා ගත හැකි භාණ්ඩ දෙකක් සම්බන්ධයෙන් සලකා බලන කල එක් භාණ්ඩයක මිලත් එහි ආදේශක භාණ්ඩයත් ඉල්ලුමත් අතර පවතින්නේ, අනුලෝම සම්බන්ධතාවයකි. මෙයින් අදහස් වන්නේ, යම් භාණ්ඩයක මිල වැඩි වන විට, එහි ආදේශකයේ ඉල්ලුම වැඩි වන බවත්, මිල අඩු වන විට ආදේශකයේ ඉල්ලුම අඩුවන බවත්ය.

එක් භාණ්ඩයක් ප්‍රයෝජනයට ගැනිමේදි අනිවාර්යයයෙන්ම යොදා ගත යුතු වෙනත් භාණ්ඩ අනුපුරක භාණ්ඩ යනුවෙන් හැදින්වේ. එකිනෙකට අනුපුරක වශයෙන් යොදා ගැනිමට සිදුවන භාණ්ඩ දෙකක් සම්බන්ධයෙන් සලකා බලන කල එක් භාණ්ඩයක මිලත් එහි අනුපුරක භාණ්ඩයේ ඉල්ලුමත් අතර පවතින්නේ, ප්‍රතිලෝම සම්බන්ධතාවයකි. මෙයින් අදහස් වන්නේ, යම් භාණ්ඩයක මිල වැඩිවන විට එහි අනුපුරක භාණ්ඩයේ ඉල්ලුම අඩුවන බවත්, මිල අඩුවන විට අනුපුරක භාණ්ඩයේ ඉල්ලුම අඩුවන බවත්ය.

ඉල්ලුමේ වෙනස් විම හෙවත් ඉල්ලුම් චක්‍රය විතැන් විම ඉල්ලුම් ලේඛනයක් හා ප්‍රස්තාරයක් මගින් දැක්විම.
සලකා බලනු ලබන භාණ්ඩයක මිල හැර, අනෙකුත් සාධකවල වෙනස් විම හේතු කොට ගෙන පාරිභෝගික ඉල්ලුමේ ඇතිවන වැඩිවිම හා අඩුවිම 2.2 සංඛ්‍යා සටහන මගින් ද, ඊට අදාළ ප්‍රස්තාරය 2.5 රූපය මගින් ද දැක්වේ.


(c) Shilpa Sayura Foundation 2006-2017