යම් භාණ්ඩයක් වෙනුවට තවත් භාණ්ඩයක් යොදා ගැනිමෙන් ඇති වන ඵලය ආදේශනය යනුවෙන් හැදින්වේ. සලකා බලන භාණ්ඩයක මිල පහළ බසින විට එහි ආදේශක භාණ්වල මිල ස්ථාවරව පවති නම් සලකා බලන භාණ්ඩය එහි ආදේශකවලට වඩා සාපේක්ෂ වශයෙන් ලාභ දායකය. මේ නිසා එම ආදේශන භාණ්ඩ වෙනුවට, සලකා බලන භාණ්ඩය යොදා ගනි. එහි ඵලය වනුයේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම ප්රසාරණය වීමය.
මෙම ආදේශන ඵලය ප්රතිවිරුද්ධ ලෙස ක්රියාත්මක වන විට, සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්රමාණය සංකෝචනය විමට ද හේතුවක් වශයෙන් සැලකිය හැකිය.