මෙයින් අදහස් කෙරෙන්නේ භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් භාණ්ඩ ස්ථාවරව පවතිද්දි භාණ්ඩය මිල වෙනස් විමකට ප්‍රතිචාර වශයෙන් ඉල්ලුම් ප්‍රමාණයේ ඇති වන වෙනස් විමය. මෙසේ මිල පමණක් වැඩි විමෙන් ඉල්ලුම් ප්‍රමාණය අඩු විම ඉල්ලුම් සංකෝචනය යනුවෙන්ද, මිල පමණක් අඩු විමෙන් ඉල්ලුම් ප්‍රමාණයේ වැඩි විම ඉල්ලුම් ප්‍රසාරණය යනුවෙන්ද හැදින්වේ. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් විමක් යනු ඉල්ලුම් වක්‍රය දිගේ ඉහළට හෝ පහළට ගමන් කිරිමකි. එබැවින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් විම, ඉල්ලුම් වක්‍රය දිගේ ඉහළට හෝ පහළට ගමන් කිරිමක්ද යනුවෙන්ද හැදින්වේ. භාණ්ඩයක මිල පහළ බසින විට, එයින් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වැඩිවිමට ප්‍රධාන හේතු හේතු 2 කි. ඒවා නම්,
- ආදේශන ඵලය
- ආදායම් ප්‍රතිවිපාක