ගිෆන් භාණ්ඩ යනුවෙන් හැදින්වෙන භාණ්ඩවල මුලික ලක්ෂණය නම්, වෙනත් භාණ්ඩයක මිල ඉහළ යාමට සාපේක්ෂව සලකා බලන භාණ්ඩයේ මිල ඉහළ ගියද එම භාණ්ඩයේ අවශ්‍යතාවය හේතු කොට ගෙන එම සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයද, ඉහළ යාමය. නිදසුන් වශයෙන් බ්‍රිතාන්‍යයේ පාන්වල හා මස්වල මිල ඉහළ යන විට, මිනිසුන්ට මසිවලට වඩා පාන් අත්‍යව්‍යශ්‍ය බැවින් පාන්වල මිල බහළ යාම දැක්විය හැකිය. ගිෆන් භාණ්ඩවල ඉල්ලුමේ හැසිරිම බාල භාණ්ඩවල හා අනුපුරුක භාණ්ඩවල ඉල්ලුමේ හැසිරිම්වලට වඩා වෙනස් බව සැලකිල්ලට ගත යුතුය.