ආදායම් වැඩිවන විට, අදාළ භාණ්ඩයෙන් මිලට ගන්නා ප්‍රමාණය අඩු වන භාණ්ඩ, බාල භාණ්ඩ ලෙස සැලකේ. මේ අනුව පාරිභෝගික ආදායමත්, බාල භාණ්ඩයක ඉල්ලුම් ප්‍රමාණයත් අතර සෘණ සම්බන්ධතාවයක් පවතින බව සදහන් කළ හැකිය.
බාල භාණ්ඩ පිළිබද නිගමනයෙහි පාරිභෝගිකයාගේ ආදායම් මට්ටමත් සමග බැදි පවතින බව සැලකිල්ලට ගත යුතුයි. එක් ආදායම්මට්ටමක පුද්ගලයෙකුට සාමාන්‍ය භාණ්ඩයක් වන දෙයක් ඊට ඉහළ ආදායම් මට්ටමේ පුද්ගලයෙකුට බාල භාණ්ඩයක් විය යුතුය. එමෙන්ම එක් පුද්ගලයෙකු එක් ආදායම් මට්ටමකදි සාමාන්‍ය භාණ්ඩයක් වශයෙන් සලකන දෙයක් ඔහුගේ ආදායම් මට්ටම ඉහළ යන විට බාල භාණ්ඩයක් වශයෙන් සැලකිය හැකිය. 2.4 රූපයෙන් දැක්වෙන පරිදි සලකා බලන භාණ්ඩය Y ආදායම් මට්ටම දක්වා සාමාන්‍ය භාණ්ඩයකි. එහෙත් පුද්ගලයාගේ ආදායම Y1 දෙසට ඉහළ යන විට එය බාල භාණ්ඩයක් බවට පත්වෙයි. ඒ අනුව භාණ්ඩයේ ඉල්ලුම Q දක්වා අඩු වනු ඇත.