ආදායම් වැඩිවන විට එම වැඩිවන අනුපාතයට වඩා වැඩි අනුපාතයකින් සලකා බලන භාණ්ඩයෙන් මිලට ගන්නා භාණ්ඩ ප්‍රමාණය, වැඩි වන භාණ්ඩ, සුඛෝපභෝගි භාණ්ඩ ලෙස සැලකේ.
සුඛෝපභෝගි භාණ්ඩ සදහා පවතින ඉල්ලුම් චක්‍රයක් ඊළග පිටුවේ 2.3 රුපයෙන් දැක්වෙන ප්‍රස්තාරය මගින් පෙන්නුම් කෙරේ. මෙම ප්‍රස්ථාරය අනුව ආදායම 10 මට්ටමේදි ඉල්ලුම 100 ක් වන අතර ආදායම 20 දි එය 250ක්ද, ආදායම 30 දි 350ක්ද, ආදායම 40 දි 550ක්ද, යන පරිදි වැඩි වේගයකින් ඉල්ලුම් ප්‍රමාණය වර්ධනය වන බව පෙනි යයි. මෙය සුඛෝපභෝගි භාණ්ඩ වල යෙදුම් න්‍යායෙහි හැසිරිම වෙයි.
සුඛෝපභෝගි භාණ්ඩ පිළිබද මෙම නිගමනයද පුද්ගලයන්ගේ ආදායම් මට්ටම හා ගති පැවතුම් අනුව වෙනස් විය හැකිය.