අත්‍යවශ්‍ය භාණ්ඩවල ඉල්ලුම් චක්‍රයේ හැසිරිම 2.2 රුපයෙන් දුක්වේ. ආදායම 5 මට්ටමේදි ඉල්ලුම් ප්‍රමාණය 50 ක් වන අතර 10 දි 90ක්ද, 15 දි 120 ක්ද, 20 දි 130 ක්ද, යනාදි ලෙස අඩුවන වේගයකින් ඉල්ලුම් ප්‍රමාණය වැඩිවන බව පෙනි යයි. අත්‍යවශ්‍ය භාණ්ඩවල ඉල්ලුම මෙසේ අඩුවන වේගයකින් යම් කිසි සිමාවක් දක්වා වර්ධනය වි පසුව ස්ථාවර තත්ත්වයේද, පැවතිය හැකිය. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබද නිගමනය පුද්ගලයන්ගේ ආදායම් මට්ටම හා ගති පැවතුම් අනුව වෙනස් විය හැකිය.