විශ්කමිභය කි.මී. 120,536
ස්කන්ධය කි.ග්‍රෑ. 5.68e26
සෙනසුරු සෞරග්‍රහ මණ්ඩලයේ හය වැනි ග්‍රහයා වන අතර විශාලත්වයෙන් දෙවන ස්ථානය ගනී. විශේෂත්වය වන්නේ ඒ වටා පවතින දූලි , ශෛලකොටස් හා අයිස් අනු වලින් සෑදුනු වළල්ල යි.
සෙනසුරු ගේ අභ්‍යන්තරය බ්‍රහස්පතිගේ අභ්‍යන්තරයට බොහෝ සමානකමි දක්වයි. පාෂාණමය ඝර්භයකින් සැකසී අැති අතර එය අාවරනය වී අැත්තේ ලෝහමය හයිඩ්‍රජන් (metallic hydrogen) වලින්ය. ඊට උඩින් අනුක හයිඩ්‍රජන් (molecular hydrogen) පඨලයක් අැත. මෙම ඝර්භය ඉතා උණුසුමි ය. එයින් විහිදුවන උණුසුම සූර්යයා අභ්‍යවකාශයට විහිදුවන සූර්යය උණුසුමට වඩා වැඩිය.
සෙනසුරු මත ඉතා තදින් සුළං හමයි. සෞරග්‍රහ මණ්ඩලයේ තදින්ම සුළං හමන ග්‍රහලෝකය යි. වොයේජර් යානයෙන් ලබා දුන් තොරතුරු අනුව ඉතා තද සුළඟ තත්පරයට සැතපුමි 500 පමණ වේගයකින් හමා යයි.
සෙනසුරු වටා පවතින වළල්ල ප්‍රථම වරට සොයා ගනු ලැබුවේ 1610 දී ගැලීලියෝ ගැලිලි විසිනි. ඒ තමා විසින්ම නිපදවූ දුරදක්නයෙන්ය. නමුත් ඔහු එය වළල්ලක් බව හඳුනා ගත්තේ නැත. නමුත් 1655 , 1675 , 1859 යන වර්ෂ වල සෙනසුරු අධ්‍යනය කල විද්‍යාඥ යන් විසින් මෙම වළලු පිළිබඳ නිරීක්ෂණය කර ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කර ඇත.
සෙනසුරු වටා පවතින වළලු නවීන දුරදක්නයක් (telescope) ඇසුරින් පහසුවෙන් දැක ගැනීමේ හැකියාව ඇත. එය සෙනසුරු ගේ සමකයේ සිට කි.මී. 6630 සිට කි.මී.120,700 පමණ ඉහලින් පිහිටා ඇති අතර එහි ඝනකම කි.මී. 1 ක් පමණ වෙයි. මෙය සිලිකා (silica) , අයන් ඔක්සයිඩි (iron oxide), අනුක මය තත්වයේ පවතින අයිස් ආධියෙන් සකස් වී ඇත. මෙම වළලු වසර මිලියන ගනනක සිට මෙ ආකාරයෙන් පවතින බව පැවසේ.
සෙනසුරු ට උපග්‍රහයන් බොහෝ ගණනක් සිටී. එයින් විශේෂත්වයක් ගන්නේ ටයිටන් (Titan) ය.
සෙනසුරු ඉතා පුරාණ කාළයේ සිට හඳුනා ගන්නා ලද ග්‍රහ වස්තුවකි. එය පියවි ඇසට හොඳින් දැක ගත හැකි ග්‍රහයන් පහෙන් එකකි. රාත්‍රී කාළයේදී පියවි ඇසට හොඳින් දැක ගත හැකි අතර , දීප්ති මත් කහ පැහැයක් ගනී.