යම්කිසි අවස්ථාවක අනෙකුත් සාධක නොවෙනස්ව පවතින විට සලකා බලන භාණ්ඩයේ, මිල පමණක් වෙනස් විමේදි එම විවිධ මිල ගණන් යටතේ, පාරිභෝගිකයන් විසින් භාණ්ඩයෙන් මිලට ගැනිමට සුදානම් විවිධ භාණ්ඩ ප්‍රමාණ ජ්‍යාමිතිකව ඉද්රිපත් කිරිම, පාර්භෝගික ඉල්ලුම් චක්‍රය මගින් සිදුවේ. ඉල්ලුම් ලේඛනය ජ්‍යාමිතිකව ඉදිරිපත් කිරිමෙන් ඉල්ලුම් චක්‍රය ලබා ගත හැකි බව මෙයින් පැහැදිලි වේ. ඉහත 2.1 සංඛ්‍යා සටහන මගින් දක්වා ඇති භාණ්ඩ ප්‍රමාණ තිරස් අක්ෂයේද, මිල ගණන් සිරස් අක්ෂයේද, දැක්වෙන ආකාරයට ප්‍රස්ථාරයක් ඇදිමෙන් ඉල්ලුම් චක්‍රයක් නිර්මාණය කළ හැකිය. (2.1 රූපය බලන්න.)
ඉහත රුපයෙහි DD යනුවෙන් ඉල්ලුම් චක්‍රය දක්වා ඇත. ඉල්ලුම් න්‍යායෙන් දැක්වෙන පරිදි අඩු මිලට වැඩි ප්‍රමාණයකුත් වැඩි මිලට අඩු ප්‍රමාණයකුත් ඉල්ලුම් කිරිමට පාරිභෝගිකයා සුදානම් බව මෙම ඉල්ලුම් චක්‍රය මගින්ද පැහැදිලි වෙයි.
ඉල්ලුම් ශ්‍රිතය සමිකරණයක් ලෙස දැක්විම
Qdx = a- dp
Qdx = ඉල්ලුම
A = ප්‍රමාණ අක්ෂයේ අන්තඃඛණ්ඩය
P = මිල
මෙය සරල රේඛිය ඉල්ලුම් ශ්‍රිතයකි. සරල රේඛිය ඉල්ලුම් ශ්‍රිතයක ප්‍රධාන ලක්ෂණය වන්නේ එහි බෑවුම ස්ථාවර විමය. මිට අමතරව, ඉල්ලුම් ශ්‍රිතය වෘත්තාකාර ඉල්ලුම් ශ්‍රිතයක් ලෙසද, සාජු කෝණාස්රාකාර බහුවලයක් සහිත ඉල්ලුම් ශ්‍රිතයක් ලෙසද පැවතිය හැකිය.
ඉල්ලුම් ශ්‍රිතයක් මගින් ඉල්ලුම් ලේඛනයක් ගොඩනගන ආකාරය නිදසුනක් ඇසුරෙන් සලකා බලමු.
Qdx = 60 - 5p මෙම ඉල්ලුම් ශ්‍රිතය අනුව ඉල්ලුම් ලේඛනයක් ගොඩ නගමු.
මෙහි;
Qdx = ඉල්ලුම් ප්‍රමාණය (P සදහා, එනම් මිල සදහා අගයන් ආදේශ කිරිම මගින් මෙම ඉල්ලුම් ප්‍රමාණ ගණනය කළ යුතුවේ.)
60= ප්‍රමාණ අක්ෂයේ අන්තඃඛණ්ඩය
5= ඉල්ලුම් චක්‍රයේ බෑවුමේ අගය
P= මිල
මේ අනුව;
ඉල්ලුම් ලේඛනය
මිල (රු) ඉල්ලුම් ප්‍රමාණය
P Qdx = 60 - 5p
0 60
2 50
4 40
6 30
8 20
10 10
12 0
Qdx = 60 - 5p සමිකරණයේ P සදහා 0, 2, 3, 4 යනාදි ලෙස අගයන් ආදේශ කර සමිකරණය විසදිමෙන් ඉල්ලුම් ප්‍රමාණයට අදාළ අගයන් ලබා ගෙන ඇත.