සෙසු සාධක ස්ථාවරව පවත්නා විට සලකා බලන භාණ්ඩයේ මිල වැඩි විමේදි එහි ඉල්ලුම් ප්‍රමාණය අඩු විමත්, මිල අඩු විමේදි එහි ඉල්ලුම් ප්‍රමාණය වැඩි විමත්, ඉල්ලුම් න්‍යාය ලෙස හැදින්වේ.
අනෙකුත් සාධක ස්ථාවරව පවතින විට යම්කිසි භාණ්ඩයක මිලත් එහි ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවත්නා සෘජු සම්බන්ධතාව ඉල්ලුම් න්‍යාය මගින් දැක්වේ. ඉල්ලුම් න්‍යාය මගින් දක්වනු ලබන මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවත්නා මෙම සම්බන්ධතාව ඉල්ලුම් ලේඛණයක් මගින් හා ඉල්ලුම් චක්‍රයක් මගින්ද ඉදිරිපත් කළ හැකිය.