භාණ්ඩයේ මිල හැර ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවරව පවතින බව මිල හා ඉල්ලුම අතර ශ්රිතික සම්බන්ධතාව මගින් දැක්වේ. මෙහිදි මිල, ඉල්ලුමෙහි ශ්‍රිතයක් ලෙස හෝ ඉල්ලුම මිලෙහි ශ්‍රිතයක් ලෙස හෝ දැක්විය හැකිය.
මිල ඉල්ලුමෙහි ශ්‍රිතයක් ලෙස,
Px = f (Qdx)
(මෙයින් අදහස් වන්නේ මිල, ඉල්ලුමෙහි ශ්‍රිතයක් බවය)
ඉල්ලුම මිලෙහි ශ්‍රිතයක් ලෙස,
Qdx = f (Px)
(මෙයින් අදහස් වන්නේ ඉල්ලුම , මිලෙහි පමණක් ශ්‍රිතයක් බවය)
එනම් මිල ගණන් වෙනස් විම මත පමණක් ඉල්ලුම වෙනස් වන බවත් මිල හැර අනෙකුත් සාධක සියල්ල ස්ථාවරව පවතින බවත්ය. මෙම මුලධර්මය ඉල්ලුම් න්‍යායේ පදනම වශයෙන් සැලකේ.