පාරිභෝගික ඉල්ලුම් ශ්‍රිතය
 

භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන සාධක හා එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අතර පවත්නා සම්බන්ධතාවයේ, ගණිතමය ස්වරූපය දැක්විම, ඉල්ලුම් ශ්‍රිතය ලෙස හැදින්වේ. ඉල්ලුම් ශ්‍රිතය පහත සදහන් පරිදි දැක්විය හැකිය.


Qdx = f (Px, Pn-1, Y, T, Pe, R)

මෙහිදි,


Qdx = සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම
F = ඉල්ලුම කෙරෙහි බලපාන සාධක සහ ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධතාව දැක්වෙන බව
Px = සලකා බලන භාණ්ඩයේ මිල
Pn-1 = සලකා බලන භාණ්ඩය හැර අනෙකුත් භාණ්ඩවල මිල ගණන්
Y = පාරිභෝගික ආදායම හා ධනය
T = පාරිභෝගික රුචිය
Pe = භාණ්ඩ මිල පිළිබද අනාගත අපේක්ෂණ
R = සමාජමය දත්ත

ඉල්ලුම් ශ්‍රිතය අනුව පෙනි යන වැදගත් කරුණක් නම්, ඉල්ලුම කෙරෙහි බලපාන සාධක අතරින් එකක් හෝ වෙනස් විම මත ඉල්ලුම වෙනස් වන බවයි.


යම් අවස්ථාවකදි භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන සාධකවලින් එකක් පමණක් වෙනස් විම නිසා එම භාණ්ඩයේ ඉල්ලුම කෙරෙහි ඇතිවන බලපැම විග්‍රහ කිරිමට නම්, එම සාධකය හැර අනෙකුත් සාධක ස්ථාවරව පවති යයි උපකල්පනය කිරිමට සිදුවේ.


 

(c) Shilpa Sayura Foundation 2006-2017