සාපේක්ෂ පිහිටීම නිර්ණය කිරීම (Location of a point by measurements from two control points)
 බිම් මැනුමේ දී සාපේක්ෂ පිහිටීම ප්‍රකාශ කිරීම සාමාන්‍ය ක්‍රමය යි. මෙහි දී නිශ්චිත ස්ථාන දෙකකට සාපේක්ෂ ව තවත් ස්ථානයක පිහිටීම ප්‍රකාශ කිරීම ක්‍රම හතරකින් සිදු කළ හැකි ය.

මෙහි දී A සහ B ලක්ෂ්‍ය නිශ්චිත ලක්ෂ්‍ය හෝ පාලන කල්ෂ්‍ය ලෙස සිතමු. එනම් A සහ B ලක්ෂ්‍යයන්වල පිහිටීම මූලික ව ම දන්නා බැවින් එම ලක්ෂ්‍ය දෙක සිතියමක් මත හෝ බිම් සැලැස්මක් මත හෝ නිරූපණය කළ හැකි ය. A සහ B ලක්ෂෘයන්ට සාපේක්ෂ ව C නම් වෙනත් ලක්ෂ්‍යයක සාපේක්ෂ පිහිටීම සෙවීම සඳහා මූලික වශයෙන් ක්‍රම 4ක් යොදා ගත හැකි ය.

1. දිග මිනුම් දෙකක් මඟින්
2. දිග මිනුමක් සහ කෝණ මිනුමක් මඟින්
3. කෝණ මිනුම් දෙකක් මඟින්
4. ලම්බක දුර මඟින්
(c) Shilpa Sayura Foundation 2006-2017