සාධාරණත්වය
 

නිෂ්දන හැකියාමායිම මගින් දැක්වෙන නිමවුම, සමාජ සුභ සිද්ධිය සැලකෙන අයුරින් පිළිගත හැකි අකාරයට, ආර්ථිකයේ කුටුම්බ අතර ව්‍යාප්ත කරලීම, සාධාරණත්වය යනුවෙන් මෙහිදී අදහස් වේ. මෙය ආර්ථික සාධාරණත්වය යනුවෙන්ද හැදින් වේ.

සාධාරණත්වය යන්නෙන්, මුළු නිමවුම, නැතහොත් මුළු ආදායම සියළුම කුටුම්බ අතර එක සමානව බෙදා හැරිමක් අදහස් නොකෙරෙන අතර ආදායම් ව්‍යාප්තියේ ද දැඩි ආදායම් විශමතා තත්වයක් නොපැවතිය යුතුය යන්න එයින් වැඩිදුරටත් අවධාරණය කෙරේ.

සාධාරණත්වය ආර්ථික ප්‍රශ්නයක් වශයෙන් පමණක් සලකා බැලීම ප්‍රමාණවත් නැත. එය සාමාජීය වශයෙන් ද සලකා බැලිය යුතුය. එබැවින් එය කුමන මට්ටමක පැවතිය යුතුද යන්න පවතින ආර්ථික, දේශපාලන හා සමාජීය යන සියළුම සාධක අනුව තීරණය කළ යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017