මිල උච්චිවචනයන් හැකිතාක් දුරට වළක්වා ගැනීම මිල ස්ථායිතාව යනුවෙන් හැදින්විය හැකිය.
මිල මට්ටමේ සිදුන නෙස් වීම අනුව උද්ධනකාරී හා අවධමනකාරි තත්ත්වයන් මතුවිය හැකිය.
උද්ධමනය ලෙස සැලකෙන්නේ, මිල මට්ටම දිගු කාලීනව, අඛණ්ඩ ලෙසින්, වර්ධන වෙමින් පැවතීමය. අවධමනය ලෙස සැලකෙන්නේ, මිල මට්ටමේ දිගු කාලින අඛන්ඩ ලෙසින්, පහළ බසිමින් පැවැතිය හැකි තත්වයිකි. ශීඝ්‍ර උද්ධමනකාරි හා ශීඝ්‍ර අවධමනකාරි යන තත්ත්වයන් දෙකම ආර්ථික ක්රියාකාරින්තයට විශාල බාධාවක් ලෙස සැලකේ.
මුදලේ අගය යනු යම් මුදල් පුමාණයකින් මිලට ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයි. මේය මුදලේ ක්‍රය ශක්තියයි. මුදලේ අගය මිල මට්ටම මත රදා පවති. පුද්ගලයන්ගේ මුල්‍ය ආදායම මත ස්ථාවරව පවතිද්දී මිල මට්ටම පමණක් දෙගුණයකින් වැඩි වුවහොත් මුදලේ අගය හරි අඩකින් අඩුවනු ඇත. එනම් ක්‍රය ශක්තිය හරි අඩකින් අඩුවන ඇති. මේ ආකාරයට මුදලේ අගය වෙනස් වීම් මගින් රටේ ආර්තික කටයුතු බලවත් අපහසු තත්ත්වයකට පත්වනු ඇත. මිල මට්ටම සාමාන්‍යයෙන් මනිනු ලබන්නේ, මිල දර්ශක මගිනි. මිල දර්ශක යනු. කිසියම් භාණ්ඩ කොටසක මිල සාමාණ්‍යයෙන් වෙනස් වීම, පදනම් කාල පරිච්ජේදයකට සාපෙක්ෂව ඉදිරිපත් කරන ක්රමයකි. රටක තොග අලෙවි,සිල්ලර අලෙවි පාරිබෝගික, වනාදි ලෙස මිල දර්ශක කිපයක්ම පැවැතිය හැකිය. ආර්ථිකයක සාමාන්‍ය මට්ටම මෙවැනි ඕනැම මිල දර්ශකයකින් දළ වශයෙන් මැනිය හැකිය. එහෙත් එකිනෙක මිල දර්ශක සදහා යොදා ගැනෙන භාණ්ඩ පැස එකිනෙකට වෙනස් බැවින් විවිධ මිල දර්ශකවලින් ඉිදිරිපත් කෙරෙන මිල වෙනස් වීම් අතර වෙනස් කම් පැවැතීමට පුළුවන. එබැවින් යම් අවශ්ථාවක මිල මට්ට්ම වෙනස් විම් දැක්වීම සදහා එක් මිල දර්ශකයක් පමණක් නොව, මිල දර්ශක කිපයක් ම භාවිතා කෙරේ. නිදසුනක් වශයෙන් ශ්‍රි ලංකාවේ ම්ල මට්ටම වෙස් වීම් දැක්වීම සදහා මිල දර්ශක කිහිපයක්ම උපයෝගි කර ගැනීම දැක්විය හැකිය. එම මිල දර්ශක කිහිපයක් පහත දැක්වේ. මිල දර්ශකය සකස් කිරීමේ පුධාන පරමාර්ථ සකස් කරනු ලබන ආයතන කොළඹ පාරිබෝගිකයන්ගේ මිල දර්ශකය (කො. පා. මි. ද.) කොළඹ නගරයේ තොරාගත් කම්කරු පවුල් කිහිපයක් ඇසුරෙන් ජිවන වියදම වෙනස් වීම් මැනීම. ජන හා සංඛ්‍යා ලෙඛණ දෙපාර්මේන්තුව මහ කොළඹ පාරිබෝගිකයන්ගේ මිල දර්ශකය (ම. කො. පා. මි. ද.) මහ කොළඹ ප්‍රදේශයේ වෙසෙන ආදායම් ව්‍යාප්තියේ පහළම 40%ක ජන කොටස ඇසුරෙන් ජිවන වියදම වෙනස්වීම මැනීම. ජන හා සංඛ්‍යා ලෙඛණ දෙපාර්මේන්තුව කොළඹ දිස්ත්‍රික් පාරිබෝගික මිල දර්ශකය (කො. දි. පා. මි. ද.) කොළඹ දිස්ත්‍රික්කයේ වෙසෙන ආදායම් ව්‍යාප්තියේ පහළම 40%ක කුටුම්භයන්ගේ පාරිබෝගික රටාව ඇසුරෙන් ජිවන වියදම වෙනස්වීම මැනීම ශ්‍රි ලංකා මහ බැංකුව තොග අලෙවි මිල දර්ශකය ප්‍රාථමික අලෙවි මට්ටමේ මිල මට්ටම වෙනස් වීම් මැනීම ශ්‍රි ලංකා මහ බැංකුව දළ ජාතික නිෂ්පාදිතයේ ගම්‍ය මිල දර්ශකය රට තුළ නිපද වනු ලබන සියළුම භාණ්ඩ හා සේවාවල මිල සාමාන්‍යය ඇසුරෙන් ජිවන වියදම මැනීම. ශ්‍රි ලංකා මහ බැංකුව ආර්ථිකය තුළ කලින් කළට ඇති විය හැකි ප්‍රධාන ආර්ථික උච්චාවචන කිහිපයක් ද ආර්ථික ස්ථායි තාවයේ ප්‍රධාන සාධයක් සේ සැලකි මිල ස්ථියිතාව පිළිබද කරුණු ද, මෙයට අයත්වේ. ආර්ථික ස්ථායිතිව නැති විමෙන් මතු විය හැකි ආර්ථික ප්‍රති විපාක මොනාවාද යන්න හදුනා ගැනීම මෙහිද වැදගත් වනු ඇත. ආර්ථික ස්ථායිතාවය නැති වීමෙන් මතුවන ප්‍රධාන ප්‍රතිවිපාක කුටුම්භවල මුර්ථ ආදායම (ක්‍රය ශක්තිය) පහත වැටිම.
නිදසුන් :- මුල්‍ය ආදායම ස්ථාවරව පවතින විට භාණ්ඩවල මිල මට්ටම ඉහළ යාමෙන් ක්‍රය ශක්තිය පහත වැටේ. ඉතුරුම් සහ ආයාජන වැඩැ වීම.
නිදසුන් :- ශීඝ්‍ර උද්ධමන තත්ත්වයක් යටතේ පුද්ගලයන්ගේ ජිවන වියදම ඉහළ යාම හේතුවෙන් ඉතිරි කිරිම් අඩුවනු ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආයෝජනය පහත වැටෙනු ඇත. සම්පත් වල කාර්යක්ෂමතාව හීන වීම.
නිදසුන් :- උද්ධමනයක් පවතින අවස්ධාවකදි වැඩි ලාභයක් ලැබිමට හැකි අංශවල පමණක් ආයෝජනයක් ඇතිවන බැවින් ඒ සදහා අවශ්‍ය සම්පත්වලට පමණක් නිෂ්පාදන කාර්යයට සම්බන්ධ විමට ඉඩ ලැබිම. ආදායම් බෙදි යාම වඩාත් විෂමතා තත්වයට පත් වීම. මුදල් කෙරෙහි ඇති ජනතා විශ්වාසය ගිලිහී යාම. සමාජ වශයෙන් මතුවන විපාක.
නිදසුන් :- මංකොල්ල කෑම්, අපරාධ ඉහළ යාම, ජනතාවගේ සෞඛයය හා අධ්‍යාපනය යනාදිය පිරිහිමට පත්විම. ආර්ථික ස්ථායිතාවය සදහා ගත හැකි ක්‍රියා මාර්ග ජනගහන වර්ධනයට සාපේක්ෂව නිෂ්පාදනය ඉහල නැංවීම. සේවා නියුක්තිය ඉහළ නැංවීම. මුදල් සැපයුම ප්රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම. අයවැ හිගය අවම කර ගැනීම. විදේශ වෙළද හා මූල්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීම.