පුර්ණ ශ්‍රම සේවා නියුක්තිය
 

පුර්ණ සේවා නියුක්තිය යනුවෙන් හැදින්වෙන්නේ ආර්ථික කටයුතු සදහා ශ්‍රමය සැපයිමට ඉදිරිපත් වන සියලුම දෙනාට සේවා නියුක්ති අවශ්ථාවන් පැවැතිමය. එහෙත් එවා පුර්ණ ශ්‍රම සේවා නියුක්ති තත්වයේ ප්‍රායෝගික වශයෙන් අත්දැකීමය නෙහැකිය. විවිධ ස්භාවික තත්වයන් නිසා මුළු ශ්‍රම බලකායෙන් 95 % ක සේවා නියුක්තිය පුර්ණ ශ්‍රම සේවා නියුක්තිය ලෙස සාමාන්‍යවෙන් පිළි ගැනේ.

පුර්ණ ශ්‍රම සේවා නියුක්තියක් ලගා කර ගැනීමට පැවැතිය යුතු අවශ්‍යතා

ශ්‍රමය සමග සංයෝග කළ හැකි,

ප්‍රාග්ධනය,

තාක්ෂණය යනදි අනුපුරක සම්පත් ඇතුළු වැඩි නිෂ්පාදන සම්පත් සම්භාරයෙන් ආර්ථිකය සතුවීම.

 

ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව ඉහළ මට්ටමක පැවතිම හා එය අඛණ්ඩ වර්ධනයකින් යුක්ත වීම. වඩාත් ප්‍රශස්ත නිෂ්පාද මට්ටම් තීරණ කරගත හැකි වීම. නිෂ්පාදනය ඉහළ මට්ටමක රදවා ගැනීමට ප්‍රමාණවත් මුළු ඉල්ලුමක් ආර්ථිකය තුළ පැවතීම. පුර්ණ ශ්‍රම සේවා තත්ත්වයට බලපෑමක් සේ නොසැලකෙන ස්වභාවික සේවා වියුක්ති තත්ත්වයන් මුළු ශ්‍රම බලකායෙන් 5% ක පමණ සේවා වියුක්ති මට්ටමක, ස්භාවික සේවා වියුක්ති තත්වයක් ලෙස සැලකිය හැකි බව ඉහත දැක්විණි. මේවැනි ස්භාවික සේවා වියුක්ති තත්වයක් ඉතා දියුණු ආර්ථික වල පවා ඕනෑම අවශ්ථාවක පැවැතිය හැකිය. පුර්ණ ‍ශ්‍රම සේවා නියුක්ති තත්ත්වයට බලපෑමක් නොවන ස්භාවික සේවා වියුක්ති තත්ත්වයන් කිහියකත් ‍පහත දැක්වේ,

 


  • ඝාර්ෂික සේවා වියුක්තිය. (Frictional Unemployment)

  • ව්‍යුහාත්මක සේවා වියුක්තිය.

  • වාරික සේවා වියුක්තිය.

(c) Shilpa Sayura Foundation 2006-2017