ආර්ථික කාර්යක්ෂමතාව
 

පුර්ණ සේවා නියුක්තියෙදී පුර්ණ සේවා වශයෙන් පමණක් නොව උපරිම ඵලදායිතාවක් ලැබේන අයුරින් ද නිෂ්පාදනයට යොදා ගැනීම වැදගත්ය. සම්පත් පුර්ණ වශයෙන් ද ඵලදායිතාව ලැබෙන අයුරින් ද නිෂ්පාදනයට යොදා ගැනීම වැදගත්ය. සමුපත් පුර්ණ වශයෙන් ද ඵලදායිතාව ලැබෙන අයුරින් ද නිෂ්පාදනයට යොදා ගැනීම ආර්ථික කාර්යක්ෂමතාව යනුවෙන් හැදින්වේ. ආර්ථික කාර්යක්ෂමතාව යටතේ, ආර්ථිකයේ නිමවුම නිෂ්පාදන හැකියා මායිම මත පිහිටයි. නිෂ්පාදන හැකියා මායිම මත, නිමවුම් සංයෝග රාශියක් තිබේ. මෙම නිමවුම් සංයොග අතරින් යම් සංයොගයක් තොරා ගැනීමේ දි ආර්ථික පැත්ත පමණක් නොව, සමාජ ශුභ සාධනය පිළිබද සැලකිළිමත් විය යුතුය. ආර්ථික කාර්යක්ෂමතාව යටතේ අපේක්ෂිත, ආර්ථිකමය අරුත නිෂ්පාදන කාර්යක්ෂමතාව යන්න මගින් ද දක්වනු ලැබේ.

 

නිෂ්පාදන කාර්යක්ෂමතාව :- නිෂ්පාදන කාර්යක්ෂමතාව යනුවෙන් අදහස් වන්නේ, යම් නිශ්චිත යෙදවුම් ප්‍රමාණයකින් උපරිම නිමවුමක් ලබා ගැනිම හෝ යම් නිශ්චිත නිමැවුමක් සදහා වන පිරිවැය අවම කිරිමය. කෙටියෙන් කිවහොත්, නිමැවුම උපරිම කිරිම හෝ පිරිවැය අවම කිරිමය. මෙවැනි නිෂ්පාදන කාර්යක්ෂමතාවක් ලබා ගැනීම සදහා අනුගමනය කළ හැකි ප්‍රධාන ක්‍රියා මාර්ග දෙකක් පහත දැක්වේ. හොදම තාක්ෂණ ක්‍රම භාවිතා කිරීම. කළමණාකාරිත්වය වැඩි දියුණු කිරීම.

 

සම්පත් බෙදි යාමේ කාර්යක්ෂමතාව :- ආර්ථික නිමවුම් සංයෝග තොරා ගැනීමේ දී, සාමාජ ශුභ සාධනය උපරිම වන ආකාරයෙන් සම්පත් බෙදි යාහැකි නිමවුම් සංයෝග තොරා ගැනීම, සම්පත් බෙදි යාමේ කාර්යක්ෂමතාව යනුවෙන් හැදින්වේ. ආර්ථික කාර්යක්ෂමතාව යටතේ ආර්ථික නිමැවුම, නිෂ්පාදන හැකියා මායිම මත පිහිටන අතර තෝරා ගත හැකි නිමවුම් සංයෝග රාශියක් එහි පවති. මෙම නිමැවුම් සංයෝගය අතරින් කුමන සංයෝගයක් තෝරා ගනු ලැබුවත්, ඒ සෑම නිමැවුම් සංයෝගයක්ම සම්පත් භාවිතය පුර්ණ හා උපරිම ඵලදාවකින් යුත් නිමැවුම් සංයෝග වේ. එහෙත් මෙයින් අදහස් වන්නේ ආර්ථික කාර්යක්ෂමතාවේ ආර්ථිකමය පැත්ත පමණි. ඒබැවින් යම් නිමවුම් සංයෝගයක් තෝරා ගැනිමේදි සමාජිය වරණ (තේරීම්) රටාවන්ට වඩාත් ගැලපෙන, සමාජ ශුභ සාධනය උපරිම කෙරේන ආකාරයේ නිමවුම් සංයෝගයක් තොරා ගැනීම වැදගත්ය.

 

(නිදසුන් :- ප්‍රාග්ධන භාණ්ඩ හා යුද්ධ උපකරණ යන නිෂ්පාදන සංයෝගයෙන් ප්‍රාග්ධන භාණ්ඩ කොතරම් ප්‍රමාණයක් නිපදවිය යුතුද ? යුද්ධ උපකරණ කොතරම් ප්‍රමාණයක් නිපදවිය යුතුද ? යන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017