මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය
 
සංකීර්ණ ආහාර අහාර අපද්‍රව්‍ය බවට පත් කිරීම ආහාර ජීර්ණ පද්ධතියක්‌ ලෙස හැඳින්වේ.

ආහාර ජීර්ණ පද්ධතියේ ඇති ප්‍රධාන කොටස්‌
දිව - ආහාර කෙළ සමඟ මිශ්‍ර කිරීම සහ ගිලීමට දිව උදවු කරයි. ආහාර වල රසය හඳුනාගන්නේ ද දිව ආධාරයෙනි. මුඛයේ ඇති ඛෙට ග්‍රන්ථි මඟින් නිපදවන කෙළ ආහාර ජීර්ණය සිදුකිරීම සහ ගිලීම පහසු කරයි.

අන්නස්‍රෝතය – ගිලින ලද ආහාර අන්නස්‍රෝතය ඔස්‌සේ ගමන් කරයි.
ආමාශය – මෙය ජීර්න යුෂ ශ්‍රාවය කරයි. කුරු කැටි ගසයි. ඊට අමතරව ආහාර අඹරීම, කැළතීම, දිය වීම සිදු කරයි. මෙසේ තව දුරටත් ආහාර ජීර්ණය සිදුවේ.

ග්‍රහණිය - අක්‌මාව මඟින් ස්‍රාවය කරන පිත් යුෂ පිත්තාශයට එකතු වී ග්‍රහණිය වෙත ගලා යයි. අග්න්‍යාශය මඟින් ස්‍රාවය වනඅග්න්‍යාශයක යුෂ ද ග්‍රහණියට ශ්‍රාවය කරයි. එ~වා මඟින් ආහාර ජීර්ණය තව දුරටත් සිදුවේ. මෙහි දී පිත්වර්ණක නිසා එම ආහාර කහ පැහැයට පත්වේ.

කුඩා අන්ත්‍රය - මෙයින් තවත් ජීර්ණ යුෂ ස්‍රාවය වේ. එමඟින් ජීර්ණය අවසාන කෙරෙයි. ජීර්ණය වූ ආහාර ශරීරයට උරාගැනීම සිදුවේ.

මහා අනිත්‍රය ඉතිරි වී ඇති ජලය සිරුරට උරා ගනී. උරා ගැනීමට නොහැකි වූ ඉතිරි ආහාර කොටස්‌ ගුද මාර්යට යවයි.

ගුද මාර්ගය – ආහාර මාර්ගයේ මේ දක්‌වා උරානොගෙන ඉතිරි වු ආහාර කොටස්‌ මළ වශයෙන් හැඳින්වේ. එය තාචකාලිකව ගුද මාර්ගයේ ගබඩාකර තැබෙයි. දැනමකින් පසුව මළ වශයෙන් සිරුරෙන් බැහැර කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017