කවුරුන් සදහා නිපදවිය යුතුද?
 ජාතික නිෂ්පාදිතය සමාජයේ විවිධ කොටස් අතර බෙදි යා යුත්තේ කෙසේද යන්න මෙයින් අදහස් වේ. සමාජයේ විවිධ කොටස්වලට සපයා ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඔවුන් ලබන සාධක සේවා ආදායම මත එනම්,

ශ්‍රමය - වැටුප්,
භූමිය - බදුකුලි,
ප්‍රාග්ධනය - පොළි,
ව්‍යවසායකත්වය - ලාභ යන සාධක ආදායම් මත රදා පවති.

මෙම සාධක සේවා ආදායම තිරණය වන්නේ, ආර්ථිකයේ නිෂ්පාදන කටයුතු සදහා යොදා ගනු ලබන ප්‍රාග්ධන සුක්ෂම, ශ්‍රම සුක්ෂම යනාදි නිෂ්පාදන ශිල්පිය ක්‍රමය අනුවය. මේ අනුව කවුරුන් සදහා නිපදවිය යුතුද යන මුලික ආර්ථික ප්‍රශ්නය, ආර්ථිකය විසින් නිෂ්පාදන කාර්යය සදහා භාවිතා කරනු ලබන නිෂ්පාදන ශිල්පිය ක්‍රම සහ ඒ අනුව තීරණය වන සාධක සේවා ආදායම් මත රදා පවති.
(c) Shilpa Sayura Foundation 2006-2017