සැම සමාජයක්ම විසින් මුහුන දෙන මුලික ආර්ථික ප්‍රශ්ණ පහත දැක්වේ.
1. කුමක්, කොතරම් ප්‍රමාණයකින් නිපදවිය යුතුද?
2. කෙසේ නිපදවිය යුතුද?
3. කවුරුන් සදහා නිපදවිය යුතුද?
මෙයින් අදහස් කෙරෙන්නේ,
- කුමන භාණ්ඩ හා සේවා නිපදවිය යුතුද?
- ඒවා කොතරම් ප්‍රමාණ වලින් නිපදවිය යුතුද?
- යන ආර්ථික කටයුතු සම්බන්දයෙන් තීරණ ගැනීමය.
නිදසුන් :- ආර්ථිකය විසින් පාරිභෝගික භාණ්ඩ නිපදවිය යුතුද ප්‍රග්ධන භාණ්ඩ පමණක් නිපදවිය යුතුද? එසේ නැත හොත් මේ භාණ්ඩ දෙවර්ගයම නිපදවිය යුතුද එමෙන්ම, කුමක් නිපදවනු ලැබුවත් ඒවා නිපදවිය යුත්තේ (බර, දිග, එකක යනාදි වශයෙන් කොතරම් ප්‍රමාණයකින් ද?