රබන් ගී
  හෙළ ජන ගී අතර "රබන් ගී" වලට ලැබෙනුයේ සුවිශේෂි තැනකි. රබන් කැරකීමේදී ගයනු ලබන ගීත රබන් ගී  යනුවෙන් හඳුන්වනු ලැබේ. රබන් කරකැවීම යනු ක්‍රමානුකුලව සකසා ගත් (වක්‌ වූ සහ වී හැඩැති) ලී රිටි මත වර්ණවත් වූ රබන් අඟිලිවලින් කරකැවූ රබන් ලී රිටි තුරඟ රැඳවීමත් ඒවා රිටත් සමඟ නැවත කරකැවීමයි. මෙසේ රබන් 30 ක්‌ පමණ දක්‌ෂ ශිල්පියෙකුට එක්‌ වරක දී කැරකිය හැකි වේ. මෙම රබන් කරකන අතර රබන් ගී ද ගයනු ලැබේ.

රබන් ගීයක්‌
තීවිධ ඥාන විදුරූපඬ අපෙ මහ
ගෞතම නම් මුනිඳූ මෙ බුදු වූ
ගෞතම නම් මුනිඳු
දෙසු දහම් ඇසුමට ඒ නිමලා
විසු බවය යකුගෙන් තතු දැනලා
නසාලන්ට කිවූ දිවි වනසා බණ
දෙසු විදුරු පණ්‌ඩිතමයි ගෞතම

එදා එ ඇතු විදුමට ආ වැදිහට
පුදලා දළ දෙක දුන්නයි දෑතට
මෙදා මෙ බුදු බව ලැබූ මාතා හට
පුදා වඳිමු අපි මල් ගෙන දෝතට
(c) Shilpa Sayura Foundation 2006-2017