නිෂ්පාදන කාර්යය විවිධ කොටස් වලට බෙදා, එම විවිධ කොටස් විවිධ පුද්ගලයන් අතින් සිදුවිම ශ්රම විභජනය යනුවෙන් හැදින්වේ. ශ්රම විභජනයට අනුව, නිෂ්පාදන ක්රියාවලිය තුළ, ශ්රමිකයෙකු නිෂ්පාදන කාර්යයයේ කුඩා කොටසකට පමණක් සහභාගි වෙයි.
ශ්රම විභජනයේ ප්රධාන වාසි
- යන්ත්ර සුත්ර භාවිතය පහසු වීම.
- නිෂ්පාදනය වේගවත් වීම.
- භාණ්ඩ උසස් තත්වයකින් නිපදවිය හැකි වීම.
- කාලය පිරිමැසීම. නිෂ්පාදන පිරිවැය අඩුවීම.
- සේවකයන්ගේ හැකියාව දියූණු වීම.
- මහාපරිමාණ අන්දමින් නිෂ්පාදන කටයුතු කල හැකි වීම.
ශ්රම විභජනයේ ප්රධාන අවාසි
- සේවක උදාසීන භාවය.
- සේවකයන් කායික හා මානසික පිඩා වලට ගොදුරු වීම.
- එක් වැඩ කොටසක් අක්රිය වුවහොත් අනෙකුත් වැඩ කොටස්ද කළ නොහැකි වීම .
- සේවක පුහුණුව එක් රැකියාවකට පමණක් සීමා වීම නිසා රැකියා අතර මාරු විම් දුෂ්කර වීම.
ශ්රම විශේෂිකරණය පුද්ගලයෙකු තමා වඩාත් දක්ෂ කාර්යයක නියුක්ත විම ශ්රම විශේෂිකරණය යනු වෙන් හැදින්විය හැකිවය.
අධයාපනය, පුහුනුව, ශ්රම විභජනය යනාදි සාධක නිසා ශ්රම විශේෂිකරණයක් ඇතිවිය හැකිය. ශ්රම විශේෂිකරණය, ශ්රම විබජනයට වඩා පුළුල් අර්ථයක් ගෙන දෙන සංකල්පය් ලෙස සැලකේ. ශ්රම විශේෂිකරණයේ ප්රධාන වාසි ශ්රම විශේෂිකරණයේ ප්රදාන වාසි හතරක් පහත දැක්වේ. යන්ත්ර සුත්ර භාවිතා කිරිමේ පහසුව. නිෂ්පාදනය වේගවත් වීම. සාධක ඵලදායිතාව හා කාර්යයක්ෂතාව ඉහලයාම. කාලය ඉතිරි වීම. ශ්රම විශේෂිකරණයේ ප්රධාන අවාසි රැකියාවේ ඇතිවන ඒකාකාරි බව කුසලතා වර්ධනයට අවස්ථා නොලබිම ග්රම සංචලතාව දුර්වල විම නිෂ්පාදන කටයුතු අතර අෙන්යන්ය රැදියාව බලවත් විම