සම්පත් පුර්ණ උපරිම වශයෙන් භාවිතා වන බව නිශ්පාදන හැකියා මායිමක් මගින් දැක්වේ. එබැවින් සම්පත් පූර්ණ හා අපරිම වශයෙන් භාවිතා වන තත්වය යටතේ ආර්ථිකය නිශ්පාදන හැකියා මායිම මත පිහිටා ඇතැයි ප්‍රකාශ වේ. එහෙත් සම්පත් එසේ පූර්ණ හා උපරිම වශවයන් බාවිතා නොවන අවස්ථා පැවතිය හැකිය. මෙවැනි අවස්ථා වල ආර්ථිකය ආර්ථික නිහ්පාදන හැකියා මායිම මත පිහිටන්නේ නැත. සම්පත් එසේ පූර්ණ හා උපරිම වශයෙන් භාවිතා නොවී පැවතීම, සම්පත් උණ උපයෝජනය යනුවෙන් හැදින්වේ.සම්පත් උණ උපයෝජන අවස්තාවන්ට නිදසුන් ලෙස වසා දමන ලද කර්මාන්ත ශාලා, වගා නොකර ඇති ඉඩම්, සේවා වියුක්ති පුද්ගලයන්, ඌණ සේවා නියුක්ති පුද්ගලයන් යනාදිය දැක්විය හැකිය.
ඉහත සදහන් ආකාරයට සම්පත් උණ උපයෝජන වී ඇති විට, ආර්ථිකයේ නිශ්පාදන මට්ටම, නිශ්පාදන හැකියා මායිම මත නොව, හැකියා මායිමේ ඇතුලත යම් ලක්ෂයක් මත පිහිටයි. 1.8 රූපයේ U වැනි ස්ථානයක පිහිටි ලක්ෂයකනේ දැක්වෙන්නේ සම්පත් උණ උපයෝජනය යටතේ, ආර්ථිකයේ නිශ්පාදන මට්ටමය. සම්පත් ඌන උපයෝජනයක් පවතින විට, එය නිශ්පාදන හැකියා මායිහමන් මෙපිට ( වම් පැත්තෙන්) පිහිටි ලක්ෂයකින් දැක්වේ.
සම්පත් ඌන උපයෝජනයක් පවතින විට, ආවස්ථික පිරිවැය ශුණ්‍ය අගයක් ගනි. එබැවින් සම්පත් ඌන උපයෝජන තත්වය යටතේ, සම්පත් භාවිතය වැඩිදියුණු කිරීම මගින්, අවශ්‍ය පරිදි එක් භාණ්ඩයක නිමවුම හෝ භාණ්ඩ දෙකේම නිමවුම, ආවස්ථික පිරිවැයකින් තොරව වැඩි කල හැකිය.
සම්පත් භාවිතය වැඩිදියුණු කිරීම මගින් එක් භාණ්ඩයක නිමවුම වැඩිකිරීම
- X 10 හා Y 8 නිමවුමේදී, Y වැඩි නොකර (එනම් Y=8) X පමණක් 10 සිට 20 දක්වා වැඩිකිරීම හෝ,
- X 10 හා Y 8 නිමවුමේදී, Y වැඩි නොකර ( එනම් X = 10) Y පමණක් 8 සිට 12 දක්වා වැඩිකිරීම, එසේ නැතහොත්,
සම්පත් භාවිතය වැඩිදියුණු කිරීම මගින් භාණ්ඩ දෙකේම නිමවුම වැඩි කිරිම
- එනම් X 10 සිට 15 දත්වාත් Y 8 සිට 11 දක්වාත් වැඩි කිරිම. මෙම නිමවුමේදි නිශ්පාදන මට්ටම ලක්ෂයෙන් දැක්වෙන අතර එය නිශ්පාදන හැකියා මායිම මත පිහිටා ඇත. (එනම් ආර්ථිකය නැවතත් කාර්‍යයක්ෂම නිමවුම් මට්ටම කරා එලඹ ඇත.
කර්මාන්තයක තාක්ෂණික දියුණුවක්
Y කර්මාන්තය සදහා නව තාක්ෂණය යොදාගන්නේ යයි සිතමු. එවිට Y නිශ්පාදන හැකියාව වර්ධනයවේ. එබැවින් Y වල නිමවුම දැක්වෙන අක්ෂයෙන් පමණක් නිෂ්පාදන හැකියාව දකුනට මාරුෙව්. (1.9 රූපය බලන්න)
ආරථිකයට පෙරට වඩා විදේශ ප්‍රග්ධනය ගලා ඒම
මේ මගින් ආර්ථිකයේ සමස්ත නිෂ්පාදන හැකියාව ඉහළ යයි. මෙහිදි නිෂ්පාදන හැකියා මායිම X හා Y යන අක්ෂ දිගේ දකුණට විතැන් වේ. (1.10 රුපය බලන්න)
සිවිල් යුද්ධයක් නිසා ආර්ථිකයේ යටතල පහසුකම් විනාශයට පත්වීම
යටිතල පහසුකම් විනාශ වීම නිසා ආර්ථිකයේ ප්‍රාග්ධන සම්පත් අඩුවේ. මේ නිසා ආර්ථිකයේ සමස්ත නිෂ්පාදන හැකියාව පහල යයි. මෙහිදි 1.11 රූපයෙන් දැකිවෙන පරිදි නිෂ්පාදන හැකියා මායිම වමට හෙවත් ඇතුල් පැත්තට මාරුවේ.