- ආර්ථික භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවන සරල ආර්ථිකයක් බව.
- භූමිය ප්රාග්ධනය ශ්‍රමය ව්‍යවසාය යන පරිදි නිශ්චිත සාධක සේවා සම්භාරයක් පමණක් පවතින බව.
- සම්පත් පුර්ණ වශයෙන් හා උපරිම ඵලදායිතාව ලැබෙන අයුරින් භාවිතා කෙරෙන බව.
- පුර්ණ සේවා නියුක්තියක් පවතින බව. (එනම්, රටේ පවත්නා සම්පත් සියල්ල නිශ්පාදන සදහා යොදාගන්නා බව)
- ආර්ථික කටයුතු දෙක අතර, එනම් භාණ්ඩ දෙවර්ගය අතර නිශ්පාදන සම්පත් මාරු කල හැකි බව සහ එසේ කිරිමෙන් විකල්ප නිමවුම් සංයෝග ලබාගත හැකි බව.
නිශ්පාදන හැකියා මායිමක් පහළට යොමු වු විවිධ හැඩයන්ගෙන් පිහිටීමට හේතුව
පවත්නා නිෂ්පාදන සම්පත් ප්‍රමාණය හා ඒවායේ ඵලදායිතාව අනුව ආර්ථිකයට ලබාගත හැකි උපරිම නිමවුම් සංයෝග නිශ්පාදන හැකියා මායිම් වක්‍රය මගින් පෙන්නුම් කෙරේ. නිශ්පාදන හැකියා මායිම් වක්‍රයක් අදිනු ලබන්නේ ආවස්ථික පිරිවැය දත්ත පදනම් කරෙගනය. තෝරාගැනිමක් හමුවේදි එක් භාණ්ඩයක් වැඩියෙන් ලබාගැනිමට නම් අනෙක් භාණ්ඩය අඩුවෙන් ලබාගැනිමට සිදුවන බව, ආවස්ථික පිරිවැය සංකල්පයෙන් අදහස් කෙරේ. නිශ්පාදන හැකියා මායිම් වක්‍රයද සාමාන්‍යයෙන් වමේ සිට පහලට බැවුම් වන ස්වරුපයක් දරයි. මෙයින් පිළිබිඹු වන අදහස, ආවස්ථික පිරිවැය සංකල්පයෙන් කියවෙන මුලදර්මයට සමානය. නිශ්පාදන හැකියා මායිම් වක්‍රය මමේ සිට පහලට බෑවුම් විමෙන් අදහස් වන්නේ එක් භාණ්ඩයක් වැඩියෙන් ලබාගත හැක්කේ අනෙක් භාණ්ඩය අඩුවෙන් ලබාගැනිමෙන් පමණක් බවය. ආවස්ථික පිරිවැය සංකල්පයේ මුලික අදහසද මෙයමය.
නිෂ්පාදන හැකියා මායිම් චක්‍රයක් පහළට බැවුම් වීම මෙන්ම, විවිධ හැඩයන්ගෙන්ද යුක්තව පිහිටයි.නිෂ්පාදන හැකියා මායිමක් රූප සටහනක් මගින් ඉදිරිපත් කිරිමේදී එම නිෂ්පාදන මායිම සැම විටම එකම හැඩයක් ගන්නේ නැත. ඊට හේතුව අවස්ථික පිරිවැයෙහි විවිධ හැසිරිම්ය. අවස්ථික පිරිවැයෙහි විවිධ හැසිරිම් අනුව නිෂ්පාදන හැකියා මායිම් චක්‍රයෙහි හැඩයද වෙනස් වෙයි.ඇතැම් විට එය සරල රේඛිය හැඩයක් ගන්නා අතර ඇතැම් විට චක්රයක හැඩයක් ගනි. චක්රයක හැඩයක් ගන්නා විට එය මූලයට අවතල, මූලයට උත්තල, යනාදි ලෙස හැඩය වෙනස් ආකාරයට පැවතිය හැකිය.
ආවස්ථික පිරිවැයේ හැසිරීම නිෂ්පාදන හැකියා මායිමේ හැඩය
- ස්ථාවර අවස්ථික පිරිවැය = සරල රේඛාවකි.
- වැඩෙන අවස්ථික පිරිවැය = මූලයට අවතල චක්රයකි.
- හීනවන අවස්ථික පිරිවැය = මුලයට උත්තල චක්රයකි.
- මිශ්‍ර අවස්ථික පිරිවැය
නිදසුන් :- වැඩෙන හා හීනවන = කොටසක් මූලට අවතල හා උත්තල අවස්ථික පිරිවැය චක්රයකි.
ස්ථාවර ආවස්ථික පිරිවැය යටතේ නිෂ්පාදන හැකියා මායිම
ස්ථාවර ආවස්ථික පිරිවැය යටතේ, ඕනෑම අවස්ථාවකදී භාණ්ඩ දෙක අතරින් යම් භාණ්ඩයක් සපයා ගැනීම සදහා කැප කළ යුතු අනෙක් භාණ්ඩයේ ඒකක ප්‍රමාණය ස්ථාවරව පවති.
ස්ථාවර ආවස්ථික පිරිවැය යටතේ නිෂ්පාදන හැකියා මායිම පිළිබද වැදගත් කරුණු
- නිෂ්පාදන හැකියා මායිම සරල රේඛාවක හැඩය ගනි. මෙයින් අදහස් වන්නේ එක් වර්ගයක භාණ්ඩයකින් කිසියම් ප්‍රමාණයක් වැඩිපුර ලබා ගැනිම සදහා අනෙක් වරිගයේ භාණ්ඩවලින් සෑම විටම ස්ථාවර ප්‍රමාණයක් කැප කළ යුතු බවය.
- නිෂ්පාදන හැකියා මායිම සරල රේඛිය හැඩයක් දරණ නිසා එම රේඛාවේ බැවුම සෑම තැනම සමානය. ඊට හේතුව ආදේශන අනුපාතය මගින් රේඛාවේ බෑවුම තීරණය වීමත්, මෙහි සෑම ලක්ෂයකම ආදේශන අනුපාතය ස්ථාවර අගයක් ගැනීමත්ය. රේඛාවේ ඉහළ සිට පහළට ගමන් කළත්, පහළ සිට ඉහළට ගමන් කළත්, ආදේශන අනුපාතය වෙනස් නොවේ.
වැඩෙන ස්ථාවර ආවස්ථික පිරිවැය යටතේ නිෂ්පාදන හැකියා මායිම
වැඩෙහි ආවස්ථික පිරිවැය යනු, කිසියම් භාණ්ඩයක් නිපදවීම සදහා වෙනත් භාණ්ඩයකින් කැපකළ යුතු ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවීමයි. වැඩෙන ආවස්ථික පිරිවැය පිළිබද සංඛ්‍යාත්මක නිදසුනක් 1.3 සංඛ්‍යා සටහනෙන්ද ඊට අදාළ නිෂ්පාදන හැකියා මායිම