ආවස්ථික පිරිවැය රහිත භාණ්ඩ
 

යම් භාණ්ඩයක් ලබා ගැනිමෙදි වෙනත් භාණ්ඩයක් ලබාගැනිමේ අවස්ථාවක් කැපකිරිමට සිදු නොවේ නම්, එවැනි භාණ්ඩ ආවස්ථික පිරිවැයක් රහිත භාණ්ඩ ලෙස සැලකේ. ආවස්ථික පිරිවැයක් රහිත භාණ්ඩ ලබගැනීමේදි ඒවාට මිලක් ගෙවිමට සිදු නොවේ. ඊට හේතුව ඒවායේ ආවස්ථික පිරිවැය ශුන්‍ය අගයකින් යුක්ත විම. ආවස්ථික පිරිවැය ශුන්‍ය අගයක් ගන්නා අවස්ථා සම්පත්වල පිරිවැයක් නොමැති අවස්ථාවලදි

 

නිදසුන් :- හිරු එළිය, වර්ෂාව, යනාදි පිරිවැය රහිත භාණ්ඩ පරිභෝජනයේදි සම්පත්වල විකල්ප ප්‍රයෝජන නොමැති අවස්ථා වලදි

 

නිදසුන් :- රජයේ පාරක්, පොදු ළිදක්, වැනි භාණ්ඩ වල කල්ප ප්‍රයෝජන සාමාන්‍යයෙන් නොමැත. සම්පත් පුර්ණ වශයෙන් භාවිතයට ගෙන නොමැති අවශ්ථා වල දි

 

නිදසුන් :- දිනකට පැය අටක් වැඩ කරන ශ්‍රමිකයෙක් අමු ද්‍රව්‍ය හිගකම නිසා දිනකට පැය දෙකක් පමණක් වැඩ කිරිම. සම්පත් සේවා නියුක්තව පවත්න‍ා අවස්ථා වලදි.

නිදසුන් :- ආර්ථික පරිහානි සමයක ශ්‍රමිකයන් රැකියා විරහිතව සිටිම. ආවස්ථික පිරිවැය ගණනය කිරිම යම් නිශ්පාදිතයක් සදහා කැප කරන හොදම විකල්පයෙන් අහිමි වන වටිනාකම ආවස්ථික පිරිවැය යනුවෙන් ඉහත දැක්විණි. ඒ අනුව ආවශ්ථික පිරිවැය ගණනය කග යුත්තේ එසේ කැපකරන අවශ්ථාවන් අතරින් වටනාම අවස්ථාවේ පිරිවැය අනුවය.

පහත සදහන් සංඛ්‍යා සටහනේ X හා Y යන භාණ්ඩ දෙකක් දැක්වේ.

මෙහිදි X ආවස්ථික පිරිවැය Y වලින්ද, Y වල ආවස්ථික පිරිවැය X වලින්ද දක් වනු ලැබේ. මෙහිදි Y හා X වලින් දැක්වෙන ආවස්ථික පිරිවැය පොදුවේ ආදේශන අනුපාත යනුවෙන්ද හැදින් විය හැකිය.

 

එක් භාණ්ඩයක් වැඩියෙන් ලබාගත හැක්කේ අනෙක් භාණ්ඩය අඩු කිරිමෙන්ය. භාණ්ඩ සංයෝග වෙනස් කිරිමේදි ආදේශනයක් හෝ පරිවර්තනයක් සිදු වේ. (පරිවර්තනයක් සිදුවන්නේ භාවිතා කරනු ලබන සම්පත් අතරය) එබැවින් භාණ්ඩ දෙකට අදාල ආවස්ථික පිරිවැය අගයන් ආදේශණ අනුපාත හෝ පරිවර්ථන අනුපාත ලෙස හැදින් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017