යම් නිශ්පාදිතයක් වෙනුවෙන් කැපකරන හොදම විකල්පය නිසා අහිමි වන වටිනාකම, ආවස්ථික පිරිවැය යනුවෙන් හැදින් වේ. ආයෝජනය, නිශ්පාදනය, පාරිබෝජනය, යනාදි ඔනෑම අවශ්ථාවක් සම්බන්දයෙන් ආවශ්ථික පිරිවැය පැවතිය හැක.
නිදසුන් වශයෙන් රුපලාවන්ය ශිල්පිෙයකුට නිරත විය හැකි හොදම විකල්පය වන්නේ, වඩුකාර්මිකයෙකු වශයෙන් කටයුතු කිරිම යැයි සිතමු. මෙහිදි එහු රුපලාවන්ය ශිල්පියෙකු වශයෙන් කටයුතු කිරිමේ ආවස්ථික පිරිවැය වන්නේ, වඩු කාර්මිකයෙකු වශයෙන් සේවය නොකිරිමෙන් අහිමි වන ආදායමය. නිශ්පාදන සම්පත් වල විකල්ප ප්රයෝජන සහිත බවත්, ඒවා එක් කාර්යයක යෙදිමේදි තවත් කාර්යයක් කැප කිරිමට (අත් හැරිමට) සිදු වන බවත්, ඒ මගින් පිරිවැයක් බිහි වන බවත් ආර්ථික පිරිවැය සංකල්පයෙන් අවධාරණය වේ.