අසිමිත අවශ්‍යතා ඉටු කර ගැනිම සදහා වඩාත් ප්‍රයෝජන වත් ආකාරයට සිමිත සම්පත් භාවිතා කිරිම ආර්ථික විද්‍යාවේදි තෝරා ගැනිම යනුවෙන් හැදින් වේ. තෝරා ගැනිම, සෑම පුද්ගලයෙකුට මෙන්ම සෑම ආර්ථිකයකටද පොදු ආර්ථික ගැටලුවකි. මෙසේ තෝරා ගැනිමේ ගැටලුවකට මුහුන දිමට සිදුවන්නේ, අවශ්‍යතා සපුරා ගැනිමේදි ප්‍රධාන ආර්ථික කෙන්දේසි හතරකට යටත්ව ක්‍රියා කිරිමට සිදුවිම නිසාය. එම කොන්දේසි නම්,
- මිනිස් අවශ්‍යතා අසිමිත විම.
- මිනිස් අවශ්‍යතා වැදගත්කම අතින් විවිධ විම. (එනම් ප්‍රමුකතාව අතින් විවිධ විම)
- මිනිස් අවශ්‍යතා සපුරා ගැනිමට ඇති නිශ්පාදන සම්පත් සිමිත විම.
- නිශ්පාදන සම්පත් විකල්ප ප්‍රයෝජන සහිත විම.
ආර්ථිකයක් මුහුන දෙන තෝරා ගැනිම් කිහිපයකට නිදසුන්
- පාරිබෝගික භාණ්ඩ කොෙතක් නිශ්පාදනය කල යුතුද? ප්‍රාග්ධන භාණ්ඩ කොතෙක් නිශ්පාදනය කල යුතුද?
- රටේ ආරක්ෂක කටයුතු සදහා කොතෙක් වියදම් කල යුතුද? රටේ ආර්ථික සංවර්ධන කටයුතු සදහා කොතෙක් වියදම් කල යුතුද?
- අපනයන වෙළෙද පොල සදහා කොපමන ප්‍රමාණයක් නිශ්පාදනය කල යුතුද? දේශිය පාරිබෝජනය සදහා කොපමණ ප්‍රමාණයක් නිශ්පාදනය කල යුතුද?
- පාරිබෝගික, අන්තර්, ප්‍රාග්ධන යනාදි භාණ්ඩ කුමන මිල ගනන් යටතේ කුමන ප්‍රමාණයන්ගෙන් ආනයනය කල යුතුද?