මිනිස් අවශ්‍යතා වලට සාපේක්ෂව බලන කල, ඒවා සපුරා ගැනිමට ඇති සම්පත් වල පවත්නා හිගතාවය ආර්ථික විද්‍යාවේදි “හිගකම” නම් සංකල්පයෙන් අදහස් වේ. ආර්ථිකයක ආර්ථික ප්‍රශ්ණ හටගන්නේ මෙම හිගකම නිසාය. එබැවින් හිගකම නැමැති සංකල්පය ආර්ථික විද්‍යාවේ පදනම වශයෙන් සැලකේ.
හිගකම පවතින විට අවශ්‍ය තෙරීම් කිරීමට සිදුවේ. එසේ තේරිම් කිරිමට සිදු වන්නේ.
- මිනිස් අවශ්‍යතා අසිමිත විම මෙන්ම ප්රමුකතාවයකින්ද යුකිත විම.
- සම්පත් සිමිත විම මෙන්ම විකල්ප ප්රයේජන බවින්ද යුක්ත විම.
යන හේතු නිසාය. එබැවින් සම්පත් හිගකම පවතින විට කුමන අවශ්‍යතා පලමුව සපූරා ගත යුතුද? ඒ සදහා භාවිතා කල යුත්තේ කුමන සම්පත්ද? යනාදි වශයෙන් තෙරිම් කිරිමට සිදුවේ.
හිගකම පිලිබද ප්‍රශ්ණය ඇති විම කෙරෙහි සමාජයේ පවත්නා සම්පත් වල හිගතාවය මෙන්ම මිනිස් සිතෙහි පවත්නා අතෘප්ති කර ස්බාවයද හෙතු වි ඇති බව සදහන් කල හැකිය. මෙම තත්වය මත, ආර්ථිකයක හිග කම නැමැති ප්‍රශ්ණයට දෙ ආකාරයකින් විසදුම් සොයාගත හැකි බව පෙනි යයි. එනම්,
- ආර්ථිකයේ සම්පත් ප්‍රමණය වැඩි කිරිමෙන්
- අවශ්‍යතාවන් සිමා කිරිම මගින්