ව්‍යවසායකත්වය
 

භාණ්ඩ නිශ්පාදනය පිළිබදව තීරණ ගැනිම, එම තිරණ ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය නිශ්පාදන කටයුතු සංවිධාණය කිරිම සහ ඊට අදාල අවදානම් දැරීම, ව්‍යවසායකත්වය යනුවෙන් හැදින් වේ. ව්‍යවසායකත්ව කාර්්‍යය පුද්ගලයන් හෝ ආයතන මගින් සිදුවිය හැක. ව්‍යවසායකත්ව කාර්්‍යයන් වලද අරමුණු වලද විවිධත්වයක් පැවතිය හැක. ව්‍යවසායකත්ව කාර්්‍යයන් වල පැවතිය හැකි විවිධ අරමුණු සදහා නිදසුන් මේසේය.



  • ලාභයක් ඉපයිම

  • සාධාරන යැයි සැලකේන ලාභයක් ඉපයීම

  • උපරීම ලාභයක් ඉපයීම

  • අලෙවිය උපරිම කිරීම


ව්‍යවසායකත්වයේ නිශ්චිත කාර්‍යයන්


  • කුමක් නිපදවිය යුතුද යන්න පිළිබදව තිරණ ගැනිම, එනම් නිශ්පාදනයකෙරෙන භාණ්ඩ හා සේව‍ා පිළිබදව තීරණ ගැනිම.

  • කොපමන ප්‍රමාණයක් නිපදවිය යුතුද යන්න පිළිබදව තිරණ ගැනීම, එනම් නිශ්පාදන‍යේ පරිමාව පිළිබදව තිරණ ගැනිම.

  • නිපාදන කටයුතු සංවිධානය කිරිම. එනම් සාධක ‍ෙස්වා යොග්‍ය අන්දමට ලබාගෙන සංයෝග කිරිම.

  • නවොත්පදනය, පාරිබෝගි අවශ්‍යතා ඉටු කෙරෙන හෝ නිශ්පාදන පිරිවැය අඩු ‍ෙකරෙන දෙයක් බිහිකිරිම නවොත්පාදනය ලෙස හැදින් වේ.

ව්‍යවසායකත්ව කාර්යයෙදි අවදානම් දැරීමට සිදුවන බව
ව්‍යවසායකත්වයේ මුලික අරමුණ ආර්ථික අතින් වාසියක ප්‍රතිඵල ලබා ගැනිම වුවත් සමහර අවස්ථා වලදි අනපේක්ෂිත අයුරින් පාඩු විදීමටද සිදුවේ. මෙම පාඩු සිදුවන්නේ අවිනිශ්චිතතාවන් නිසාය. අවිනිශ්චිතතාවන් නිසා ඇති විය හැකි පාඩු රකෂණය කල නොහැකිය. එබැවින් ව්‍යවසායකත්ව කාර්යයෙදි අවදානම් දැරීමට සිදුවන බව පැහැදිලිය. ව්‍යවසායකත්ව කාර්්‍යයයෙදි අවිනිශ්චිතතා දෙයාකාරයකින් ඇතිවේ.


  • නිශ්පාදන කටයුතු වලින් අනාගත‍ෙය්දි ලාබ ලැබේ ද පාඩු සිදුවේ ද යන උවිනිශ්චිතතාව අනුව.

  • අනාගත ඉල්ලුම හා මිල පිළිබද දරන අවිනිශ්චිතතාව අනුව.


ව්‍යවසායකත්වය නිසා ආර්ථිකයට ඇත්වන ප්‍රධාන වාසි

 


  • නව නිශ්පාදිත වලට මග පෑදිම.

  • ආර්ථිකනය් නිශ්පාදන ධාරිතාව ඉහලයාම.

  • නිශ්පාදනයේ ගුණාත්මක බව ඉහල යාම.

  • භාණ්ඩ හා සේවා මිල ඉහලයාම.

  • වෙළෙද පොළ පුළුල් විම.

  • රැකියා අවස්ථා බහුල විම.

  • රටේ ජිවනතත්වය ඉහල යාම.

(c) Shilpa Sayura Foundation 2006-2017